Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොලිස් නිලධාරියා කපා කොටා දැමූ අයෙක් අත්අඩංගුවට

තියුණු ආයුධ වලින් පහරදීම නිසා අංකුඹුර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර සී.සී.ටී.වී.දර්ශන මගින් සිදුකරන ලද  පරීක්ෂණ අනුව අද (31) පෙරවරුව වන විට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සේවය නිම කොට පොලිස් ස්ථානයේ සිට අලවතුගොඩ, මුදුනකඩේ පිහිටි සිය නිවස දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඊයේ (30) පස්වරු 06ට පමණ කිසියම් පිරිසක් පැමිණ තියුණූ ආයුධවලින් පහරදීම සිදුකර තිබේ.

තියුණූ ආයුධවලින් කපා කොට ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි පිරිසගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීවරයා, අංකුඹුර රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

තුවාල ලැබූ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඩී.ආර්.එම්.බණ්ඩාර නම් අය මේ වන විට ස්නායු ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ අලවතුගොඩ පොලීසිය මඟින් දියත් කොට තිබේ.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3961

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3705

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6775

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4184

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2609

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3416

Please publish modules in offcanvas position.

Web Analytics