Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් විසඳුම තනිකරම වංචාවක්

රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන සයිටම් ආයතනය පිළිබඳ ගැටලුව විසඳීමට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව මුළුමනින්ම වංචාවක් යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සයිටම් අහෝසි කළ යුතු යැයි මතු පිටින් පිළිගෙන ආණඩුව සිදු කර තිබෙන්නේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වා ගෙන යාමට උපක්‍රමයක් යොදා ගැනීම සහ ඒ මගින් රටම රැවටීමට උත්සහ කිරීමක් යැයිද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය චෝදනා කර සිටී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය පදනම් කරගනිමින් ආණ්ඩුව පවසන්නේ සයිටම් ආයතනය වසා දමා ප්‍රශ්නයට පිළිතුරක් ලබාදුන් බව යැයිද එම පක්ෂය පෙන්වා දෙයි.
එසේම පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ බලධාරීන් ප්‍රකාශ කරමින් සිටියේ, සයිටම් කිසිසේත්ම අහෝසි නොකරන බව වුවද දැන් මෙම යෝජනාවලිය මගින් සයිටම් අහෝසි කළ යුතු බව ආණ්ඩුව විසින් පළමුවරට පිළිගනු ලැබ තිබෙන අතර එය මෙම ආයතනය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ සියලු දෙනා ලැබූ ජයග්‍රහණයක් යැයිද පවසයි.
ආණ්ඩුවේ යෝජනාවලිය අනුව සයිටම් ආයතනයේ නම වෙනස් වීමටත්  එමෙන්ම එම ආයතනයේ පෞද්ගලික හිමිකාරිත්වය වෙනස් වීමටද නියමිතව ඇත. නමුත් සිසුන්ට වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වෙනස් නොවන බවද එම පක්ෂය පෙන්වා දෙයි.
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයෙත්, වෛද්‍ය පීඨ දෙමාපියන් හා ආචාර්යවරුන්ගේ මූලික ඉල්ලීම වූයේ වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වහාම නතර කර සයිටම් ආයතනය අහෝසි කිරීම වුවද ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ විසඳුමෙන් ඉදිරිපත් කර ඇත්තේ සයිටම් ආයතනය අහෝසි කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කිරීමක් නොව ඒ වෙනුවට ආයතනයෙ නම පමණක් වෙනස් කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ කටයුත්ත නව හිමිකාරිත්වයකට පවරා දීමක් පමණක් යැයිද ජවිපෙ දේශපාලන මණ්ඩලය පවසයි.
අවම වශයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් විසින් මෑතකදී සයිටම් අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය තුළ වූ යෝජනා හෝ සැලකිල්ලට ගෙන වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වහා නතර කර සයිටම් ආයතනය සැබෑ ලෙසම අහෝසි කිරීමට වහා පියවර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරන බව ද එම පක්ෂය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසයි.

පද්මිණි මාතරගේ

 

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2511

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5391

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4775

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2867

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2821

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7429

Please publish modules in offcanvas position.