Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැබ් අනතුරෙන් තිදෙනෙකුට බරපතලයි.

T2

හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය පොලිස් මුර පොල අසලදී කැබ් රථයක් නවතා තිබූ ස්කැමල් රථයක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇත.
අද (30) වැනිදා අළුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇති අය මෙතෙක් හඳුනා ගෙන නොමැති බව හලාවත මහරෝහලේ ප්‍රකාශිකාවක කියා සිටියාය.
පුත්තලමේ සිට කොළඹ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ස්කැමල් වර්ගයට අයත් රථයක් හලාවත - පුත්තලම මාර්ගයේ පිහිටි බත්තුළුඔය පොලිස් මුර පොල අසල නවත්වා එම ස්ථානයේ රජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පරීක්ෂා කරමින් සිට ඇත.එම අවස්ථාවේදී අධික වේගයෙන් හලාවත දෙස සිට පුත්තලම දෙසට පැමිණ ඇති කැබ් රථයක් නවතා තිබූ ස්කැමල් රථයේ ඉදිරිපස ගැටී ප්‍රතිවිරුද්ධ දෙසට හැරී නැවතී ඇත.
කැබ් රථයේ සිටි තිදෙනාම බරපතල ලෙස තුවාල ලබා සිටි බැවින් ඔවුන්ව කඩිනමින් හලාවත මහරෝහල වෙත පිටත් කර යැවීමට එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.ස්කැමල් රථය  නවත්වා නොතිබෙන්නට කැබ් රථය පොලිස් මුර පොල තුළට කඩා වැදීමට ඉඩ තිබූ බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීහු කියා සිටීති.
කැබ් රථයේ රියදුරුගේ නොසැලකිල්ල සහ අධික වේගය නිසා මෙම අනතුර සිදුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි.
උඩප්පුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

T1
පුත්තලම - ජුඩ් සමන්ත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1833

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2162

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4969

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2962

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1720

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2598

Please publish modules in offcanvas position.

Web Analytics