Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අරණායක යළි නාය බියක්

Aranayake
පවතින වැසි සහිත කාලගුණය සමග නාය යාමට ලක්ව තිබෙන අරණායක ප්‍රදේශය යළි අවදානම් සහිත විය හැකි යැයි එහි පදිංචිකරුවෝ බිය පළ කරති.
අරණායක ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ සාමසර කන්ද, සිරිපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක් ඉකුත් වසරේ මැයි 17 වන දින නාය යාමට ලක්වූ අතර මේ හේතුවෙන් පුද්ගලයන් 96 දෙනෙකු අතුරුදන් වී ඇති අතර ගොඩගන්නා ලද මළ සිරුරු ප්‍රමාණය 31ක් විය. ආපදා තත්ත්වය හේතුවෙන් අරණායක පවුල් 1426 ක පුද්ගලයෝ 4291 දෙනෙක් අවතැන් වූහ.
ඔවුන් මේ වන විට යළි පදිංචි කොට ඇති අතර අධි අවදානම් කලාප වලින් පදිංචිකරුවන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.
නමුත් මේ දිනවල පවතින වැසි සමග අවදානම් කලාප ලෙස නම් කර ඇති ස්ථානවල ජීවත්වීම බිය සහිත යැයි ගම්වාසීහු කියති.
සුළං ක‍පොල්ල, බැලුන්ගල, පුවක්වත්ත, සිරිපුර එළගිපිටිය, දෙබත්ගම, පල්‍ලේබාගේ, මෝරාගම්මන, උඩබාගේ හා ගංතුන උඩග යන ගම්මානවල ජනතාව මේ වන විට ජීවත් වන්නේ මහත් බියකිනි.
අධික වැසි හේතුවෙන් යළිත් මෙම ගම්මාන නාය යාමට පත්විය හැකි යැයි ගම්වාසීන් සඳහන් කරති. නාය යාමට පත්වූ වකවානුවේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගණනාවක් කළ පර්යේෂණවලදී යළි මෙම ප්‍රදේශය අවදානම් විය හැකි යැයි ජනතාව දැනුවත් කොට තිබේ.
නාය යාමත් සමග සිය ගම්මානවල ළිංවල ජල ධාරිතාව අඩු වී ඇති බවත්, ඇතැම් ළිං සම්පූර්ණයෙන්ම සිඳි ගිය බවත් ගම්වාසීන් කීහ. පුවක්වත්ත නම් ප්‍රදේශය තේ වගාව බහුල වැවිලි බෝග ජිවිකාව කර ගත් වැසියන් ජීවත්වන ප්‍රදේශයක් වන අතර එය ද මේ වන විට නාය යාමට පත්විය හැකි යැයි ගම්වාසීන් බිය පළ කරති.
අධි අවදානම් කලාපයෙන් ජනතාව ඉවත් කළ අවස්ථාවේදී සිය නිවෙස්වල සෙවිලි තහඩු, උළුවහු, දොර ජනෙල් ආදිය ගලවා රැගෙන ගිය පදිංචිකරුවන් ඉවක් බවක් නොමැතිව සිය ගෙවත්තේ වූ ගස් කපා රැගෙන යාමට ද කටයුතු කොට තිබේ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4700

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3359

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4829

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5452

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6273

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3839

Please publish modules in offcanvas position.

X

Right Click

No right click