Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොස්ගොඩ වෙඩි තැබිමකින් එකම පවු‍ලේ 3ක් ඇතුළු 4ක් මරුට

කොස්ගොඩ ‍පොලිස් වසමේ ඊයේ (29) අලුයම සිදුවූ වෙඩි තැබිමකින් එකම පවු‍ලේ තිදෙනකු (3) ඇතුළු සිවු (4) දෙනෙකු මියගොස් එක් අයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යුදපිටිය අසළ, කොස්ගොඩ පාර, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ජගමුණි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා (51), ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22), ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවු‍ලේ තිදෙනා සහ මැණික් ගම්මානය, කොස්ගොඩ ලිපිනයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ කපිලරත්න පෙරේරා (39) යන සිවු (4) දෙනාය. බරපතළ තුවාල ලබා ඇත්තේ කුරුඳුගම්පියස, කොස්ගොඩ ලිපිනයේ පදිංචි නිලෙන්ති සුදිල සුරන්ජන ද සිල්වා (14) නමැති අයයි.
මියගිය සිවු (4) දෙනාට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ බළපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මී ද සිල්වා මහත්මිය ඊයේ (29) පෙරවරුවේ ඝාතනයන් සිදුවූ ස්ථානයන්හිදී පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත දේහයන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යෑමටද මහේස්ත්‍රාත්තුමිය මෙහිදී නියෝග කළාය. මේ වන විට එකම පවු‍ලේ තිදෙනාගේ දේහයන් ඇල්පිටිය මූලික රෝහ‍ලේ හා කොස්ගොඩ, කුරුඳුගම් පියස, මැණික් ගම්මානයේ පදිංචි අයගේ දේහය බළපිටිය මූලික රෝහ‍ලේත් මෘත ශරීරාගාරයන්හි තැන්පත් කර ඇත. මෙම දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අද (30) දින ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට නියමිතය.
ඊයේ (29) අලුයම 4.00ත් 4.30ත් අතර කාලය තුළදී පියපුතු තිදෙනාගේ ඝාතනයන් සිදුව තිබෙන බව කොස්ගොඩ ‍පොලීසිය කියයි. අලුයම ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ සිට කොස්ගොඩ ලෑලිහේත්තුව දෙසට කඨින පින්කමක චීවරය රැගෙන යන පෙරහරක් පැමිණ තිබේ. මියගිය ජගමුණි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා (51) සිය බිරිය සමග එම පෙරහරේ කඨින චීවරයට පඬුරු පූජා කර නැවත නිවසට ගොස් දොරවසා ගැනීමට සූදානම් වී ඇත. එම අවස්ථාවේ යමෙකු එළියෙන් මහින්ද අයියේ යැයි කියා කතා කොට දොර අරින ලෙස ඉල්ලීමක් කර ඇත. දොර අරිනවාත් සමගම එළියේ සිට ඔහුට වෙඩි තබා තිබෙන බවත් පසුව නිවස තුළට ගොස් නිවසේ කාමර දෙකක නිදා සිටි දරුවන් දෙදෙනාටද වෙඩි තබා තිබෙන බවත් ‍පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
ටී -56 ගිනි අවියකින් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර තිබෙන බව ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය කියයි. එම ස්ථානයේ තිබි හිස් පතොරම් කොපු 7ක් සොයාගෙන තිබේ. එම අවස්ථාවේ මියගිය ජගමුණි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා (51) නමැති අයගේ දෙවන පුතා කඩුවක් හා ‍පොල්ලක් රැගෙන ඝාතකයන්ට පහරදී තිබේ. එහිදී ඝාතකයන් පැමිණි යතුරුපැදියක නොම්බර තහඩුවක්ද බිම වැටී තිබේ. එය ඉ ඊඉ 9344 අංකය සඳහන් එකකි. එයින් පසුව ඝාතකයින් ගොස් ඇත්තේ මැණික් ගම්මානය, කොස්ගොඩ ලිපිනයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ කපිලරත්න පෙරේරා (39) නමැති අයගේ නිවස වෙතය. උක්වත්ත ආරච්චිගේ කපිලරත්න පෙරේරා (39) නමැති අය කුලියට ඉවුම් පිහුම් කරන අයෙකි. මෙම ස්ථානයටද ඝාතකයින් යතුරුපැදි 2කින් තිදෙනකු පැමිණ තිබෙන අතර නිවසේ නිදා සිටි උක්වත්ත ආරච්චිගේ කපිරත්න පෙරේරා (39) යන අයට වෙඩි තබා ඝාතනය කර තිබේ. එම ස්ථානයේ තිබිද හිස් පතොරම් කොපු 7ක් ‍පොලීසිය සොයාගෙන තිබේ.
ඊට පසු ඝාතකයින්ගේ ඉලක්කය වී ඇත්තේ කුරුඳුගම් පියස, කොස්ගොඩ ලිපිනයේ පදිංචි අයෙකි. ඝාතනයින් ඔහුගේ නිවසේ දොරකඩාගෙන නිවසට ඇතුළු වී තිබේ. එය සැලුන් එකක්ද සහිත නිවසකි. ඒ වන විට ඔවුනට අවශ්‍ය අය නිවසේ සිට නැත. නමුත් අවශ්‍ය අයට යැයි සිතා ඝාතකයින් වෙඩි තබා ඇත්තේ නිලෙන්ති සුදිල සුරන්ජන් ද සිල්වා (14) නමැති අයටය. එවිට එම දරුවාගේ මව ඇයි මගේ පුතාට වෙඩි තියන්නේ යැයි විමසා ඇත. එවිට ඉලක්කය වැරදි ඇති බව දැන ඝාතනයින් පලාගොස් තිබෙන බව ‍පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
කොස්ගොඩ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක උදයසිරි සිරිමාන්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පී.එම්.ඉරාන්, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ‍පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, උප ‍පොලිස් පරීක්ෂක මංගල, ‍පොලිස් සැරයන් රංජන් (21930) ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
 
ජයකාන්ත ලියනගේ - බළපිටිය එස්. සමරනායක - අම්බලන්ගොඩ කමල් විජේහේවා - ගාල්ල/ තාරක දුෂ්‍යාන් - කළුතර
කමල් ශ්‍රී ලියනගේ - බළපිටිය/ අනුර ලියනගේ - හබරාදුව
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1698

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2063

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4883

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2904

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1673

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2546

Please publish modules in offcanvas position.

Web Analytics