Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාන්තාවන්ගේ බර වේගයෙන් ඉහළට

කාන්තාවන්ගේ බර වැඩි වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ ‍පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළාය.
කාන්තාවන්ගේ බර වැඩි වීම සියයට 30ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් එම ප්‍රතිශතය සියයට 50ක් බව කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයිද ඇය පෙන්වා දේ.
මෙසේ කාන්තාවන්ගේ බර අධික ලෙස වැඩි වන්නේ පාන් පිටි, තෙල් හා සීනි අධික ආහාරවලට වැඩි වශයෙන් නැඹුරු වීම හේතුවෙන් යැයිද හෙළිව ඇතැයි වෛද්‍ය ජයතිස්ස මහත්මිය සඳහන් කළාය.
කාන්තාවකගේ බර වැඩි වීම මුලින් ආරම්භ වන්නේ වයස අවුරුදු 9ය පසු වීමත් සමග වන අතර දෙවන වරට බර වැඩි වන්නේ දරුවකු ලැබුණු පසුව බවත් එම පර්යේෂණයෙන් හෙළිව ඇත.
එයට හේතුව වී ඇත්තේ දරුවකු ලැබුණු පසුව දෙදෙනකුට ආහාරගත යුතු බව පවසමින් වැඩිහිටියන් විසින් එම කාන්තාවට වැඩි වශයෙන් ආහාර ලබාදීමට උත්සාහ දැරීම හේතුවෙන් බවද වෛද්‍ය ජයතිස්ස මහත්මිය පෙන්වා දේ.
අනතුරුව කාන්තාවක් වයස අවුරුදු 40 ඉක්ම ගිය පසුව ශරීරයේ පවතින හෝමෝන වෙනස්කම් හේතුවෙන් ශරීරයේ බර අධික ලෙස වැඩි වන බවද තහවුරු වී ඇත.
මෙසේ කාන්තාවගේ බර අධික ලෙස වැඩිවීම හේතුවෙන් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව වැනි බෝ නොවන රෝග විශාල වශයෙන් ඉහළ යාමට හේතුවක් වී ඇතැයි මෙම පර්යේෂණයෙන් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දේ.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4474

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4135

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7241

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4541

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2887

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3696

Please publish modules in offcanvas position.

Web Analytics