Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වසර 15ක් එළුවන් බලාගත් කතට ලක්ෂ 36ක හිඟ වැටුප්

ගිවිස ගත් රැකියාව ලබා නොදී මුල් වසර 15 පුරා එළුවන් හා බැටළුවන් බලා  ගැනීමට යොදවා සිටි කාන්තාවක් වසර 17කට පසු දිවයිනට ගෙන්වා ගැනීමටත්, එසේම ඇයට ලැබිය යුතු වූ හිඟ මුදල වන රුපියල් ලක්ෂ 36ක මුදලත් වහාම ගෙවීමට හාම්පුතාගේ ලිඛිත එකඟතාවය ලබාගැනීමටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වී ඇත.
මෙම මුදල මෑත ඉතිහාසයේ විගමණික ශ්‍රමිකයකුගේ හිමිකම වෙනුවෙන් ලබාදිය හැකි වූ ඉහළම හිඟ වැටුප් ප්‍රමාණය යැයිද අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.
අඹන්‍පොළ, අටවරළ ප්‍රදේශයේ පදිංචි කේ.ජී. කුසුමාවතී මහත්මිය 2000/09/23 වන දින ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් තිබේ. එදින සිට ඇය නාගරික සීමාවෙන් පිටත කාන්තාර ප්‍රදේශයක සේවය කර තිබේ.
මුල් වසර 15ක කාලය එහි එළුවන් හා බැටළුවන් බලාගනිමින් සේවය කර ඇත. එම වසර 15 තුළ මාස කිහිපයකට වතාවක් නිවසට දුරකථනයෙන් අමතා ඇති අතර, වසර එක හමාරක කාලයක් තුළ නිවැසියන්ට කිසිඳු තොරතුරක් ලැබි නොමැත. ඒ පිළිබඳව ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කොට තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු දැනගත් අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය කුසුමාවතී මහත්මිය පිළිබඳව වහාම සොයා බලා කඩිනමින් දිවයිනට එවීමට කටයුතු කරන ලෙස සෞදි තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නාය. ඒ අනුව නිවැසියන් ලබාදී තිබූ දුරකථන අංකයට තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇමැතුම් ලබාදී තිබූ අතර, ඇය වෙසෙන ප්‍රදේශ පිළිබඳව කිසිඳු අවබෝධයක් ඇයට නොතිබිණි. ඒ අනුව ඇය සොයාගැනීම දුෂ්කර වී ඇති අතර කෙටි කාලයකින් ඇයගේ දුරකථනයද විසන්ධි වී ඇත. ඇය සිටින ස්ථානය සොයාගැනීමට පෙරම තානාපති කාර්යාල නිලධාරීන් ඇයගේ වැටුප් හිමිකම් වෙනුවෙන් ඊචඪට  ප්‍රදේශයේ කම්කරු උසාවියටද පැමිණිලි කර ඇත. සෞදි ආගමන විගමන කාර්යාලයෙන් ඇයගේ හාම්පුතාගේ තොරතුරු ලබාගෙන සෞදි රහස් ‍පොලීසියේද සහාය ඇතිව තානාපති කාර්යාල නිලධාරීන් කුසුමාවතී මහත්මිය සොයාගෙන තිබේ.
 
පද්මිණි මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3875

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3623

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6705

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4126

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2566

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3369

Please publish modules in offcanvas position.

Web Analytics