Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් අහෝසි කළ විදිහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි

සයිටම් ගැටළුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ විසඳුම් ඇතුළත් නිවේදනය රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා  විසින් මාධ්‍යයට නිකුත් කොට තිබේ.

සියළුම පාර්ශව කරුවන්ට සාධාරනය යන මුල ධර්මය මත පිහිටා සයිටම් ආයතනය අහෝසි කිරීමටත් සයිටම් ආයතනයේ හිමිකාරිත්වය කළමනාකරණ ව්‍යූහය අහෝසි කිරීමට රජය තීරණය කොට ඇත.

එමෙන් එහි උපාධි ප්‍රදානය වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධ මතු නීති ගත කෙරෙන අවම ප්‍රමිතීන් මත පදනම් වන අතර එම ආයතනය ලාබ නොලබ ආයතනයක් ලෙස ඉදිරියේදී පවත්වාගෙන යනු ඇත.

මෙම ආයතනයේ හිමිකම් පැවරීම සඳහා රාජ්‍ය නොවන හා ලාබ නොලබන ආයතනයක් තොරා ගැනෙන අතර ඒ සමබන්ධයෙන් සුදුසු ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇත.

එමෙන්ම ඇතුළත් වීමේ සුදුසු කම් සපුරා ඇති මේ වන විට සයිටම් ආයතනය විසින් බඳවා ගෙන සිටින සියළුම වෛද්‍ය සිසුන්ට නව ආයතනයේ අධ්‍යාපනය ලැබීමට හිමිකම ලබා දෙන අතර සයිටම් උපාධිය අවසන් කර සිටින සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල් වල සායනික පුහුණුව සදහාද අවස්ථාව ලබා දෙනු ඇත.

මේ අතර මෙම විසඳුම් මාලාව යටතේ සයිටම් ආයතන සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අතර ඇති සබඳතා මුළුමනින්ම ඉවත් වන අතර එම ආයතනයේ කොටස් කරුවන් වීටද ඔවුනට අවස්ථාව නොලැබේ.

සයිටම් වෙනුවට පිහිටුවන නව ආයතනය වර්තමාන විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට යටත්ව නව ආයතනයක් ලෙස ස්ථාපිත වීමට නියමිතය.

මෙම නව වෛද්‍ය පීඨය ද මුදල් ගෙවා උසස් අධ්‍යාපනයක් ලබා දෙන අතර අඩු ආදායම් ලාභී සුදුසුකම් සපුරණ සිසුන්ට පන්ති ගාස්තු වෙනුවෙන් වැය වෙන මුදල පියවා ගැනීම පිණිස මූල්‍ය ආයතන සහ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගීන් කළ හැකි සියළුම සහයෝගයන් රජය මගීන් ලාබ දෙන බව පැවසේ.



IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 513

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 232

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3182

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1792

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3773

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4863

Please publish modules in offcanvas position.