Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සේනක ටයිටස් අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නළුවෙකු සේම, ළමා පුවත්පත් කර්තෘ වරයෙකු වන සේනක ටයිටස් ඇන්තනී මහතා අද (27) අභාවප්‍රාප්ත විය.

ගැඹුරු චරිතාංග නිරූපනයේ දී මහත් හැකියාවක් පළ කළ ඔහු මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන 'කූඹියෝ' හි ඔස්ටින් අයියාගේ චරිතය ඇතුළු, ගිනි අවි සහ ගිනි කෙලි ආදී ටෙලි නාට්‍ය රැසකද, අබා, ඇඩ්රස් නෑ ඇතුළු සිනමා කෘති රැසකද  චරිත නිරූපනය කර තිබේ.

 වේදිකා නාට්‍යක රඟපෑම සඳහා විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී සිංගප්පූරු ගුවන්තොටුපළේ දී දැඩි ලෙස රෝගාතුර වූ ඔහු එහි රෝහලකට ඇතුළත් කොට තිබේ.  

ඔහු මියගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබන අතරේය.

1970 දශකයේ අග භාගයේ මල්ටිපැක්ස් ලංකා සිත්තර නිවසින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු රංකැටි ළමා පුවත්පතේ සමාරම්භක ප්‍රධාන කර්තෘ වරයා ලෙස කටයුතු කරමින් ළමා පුවත්පත් කලාවට නව මංපෙතක් විවර කර දුන් මාධ්‍යවේදියෙකි.

සේනක ප්‍රවීණ රංගන වේදී ජැක්සන් ඇන්තනිගේ වැඩිමල් සොයුරාද වේ.

දේහය ශ්‍රී ලංකාවට ගෙන ආ පසු රාගම, පොඩිවි කුඹුර නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4319

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4029

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7095

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4424

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3621

Please publish modules in offcanvas position.

Web Analytics