Coss Ear2
lakbima.lk
COSS Ear 1

බුලංකුලමේ බිහිසුණු අනතුරකින් අක්ක නගෝ මරුට

ගවයන් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පිටුපස පොලිස් ජීප් රථයක් හඹායෑම නිසා කලබලයට පත් වූ ලොරියේ් රියැදුරා අධික වේගයෙන් රිය පදවාගෙන ගොස් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නොච්චියාගම සිට අනුරාධපුර නගරය දෙසට ගමන් කළ කාන්තා යතුරු පැදියක ගැටී පෙරලීයාමෙන් සිදුවූ දරුණු අනතුරකින් රාජකාරියට යමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබේ.        
අනුරාධපුර පුත්තලම ඒ 12 මාර්ගයේ මහ බුලංකුළම හංදියේ රජයේ සායනික මධ්‍යස්ථානය ඉදිරිපිටදී සිදු වූ මාරක රිය අනතුරෙන් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ රණෝරාව ගාලදිවුල්වැව නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි උතුරු මැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයේ සේවයේ නියුතුව සිටි ජේ.ඒ ජයනී ස්වේතා ජයකොඩි (32) නොච්චියාගම අඹගහවැව විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවයේ නියුතු වූ ජේ.ඒ සමාධි නවෝද්‍යා ජයකොඩි (29) යන අවිවාහක සහෝදරියන් දෙදෙනායි.
මෙම ලොරියේ යතුරු පැදියේ ගැටීමට පෙර කැබ් රථයක ගැටී අනතුරුට ලක්වී ඇති අතර දෙවනුව එම මංතීරුවේ පැමිණි යතුරු පැදියේ ගැටී පෙරළීි අනතුර සිදුව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එක් තරුණියක් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබේ. කැබ් රථයේ රියැදුරත් අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
මියගිය 32 හැවිරදි තරුණිය රාජකාරියට පැමිණ ඇති අතර ඇගේ සහෝදරිය මීට මාස පහකට පමණ ඉහතදී රජයේ පාසලකට ගුරුපත්වීම ලබා ඇති බවත් ඇය වෙනත්රාජකාරී කටයුත්තක් සඳහා වැඩිමහල් සහෝදරිය සමග යතුරු පැදියෙන් අනුරාධපුර නගරයට පැමිණ ඇති බවත් පොලීිසිය පැවසුවේය.
වව්නියාවේ සිට ජා ඇල ප‍්‍රදේශයට ගවයන් ප‍්‍රවාහනය කළ ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය වූ අවස්ථාවේ එම රථය පිටුපස පොලිස් මෙහෙයුම් අංශයේ නිලධාරීන් හඹායද්දී ගවයන් පටවාගෙන පැයට කිලෝමීටර් 120 ට පමණ ධාවනය වූ ලොරිය මාර්ගයේ විරුද්ධ දිශාවට ධාවනය වී කැබ් රථයේ හා යතුරු පැදියේ ගැටී මීටර් 220 ක් පමණ දුරට ඇදිගොස් පෙරළීී නතර වී තිබූ බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් යතුරු පැදිය පොඩි පට්ටම්වී තිබූ අතර ලොරි රථයට හා කැබ් රථයට බරපතළ අලාභ හානී සිදුව තිබුණි.
අනතුරෙන් ලොරි රථයේ පිටුපස කොටස ගැලවීගොස් තිබූ අතර එහි සිටි ගවයන් 18 දෙනෙකු පමණ මුදාහැරීමට ගම්මුන් පියවර ගෙන තිබුණි. එක් ගවයෙකුගේ පාදවල අස්ථි බිදී බරපතළ තුවාල ලබා සිටි බවත් අපරික්ෂාකාරීව ලොරි රථය පැද වූ රියදුරා ඇතුළු දෙදෙනෙකුට ගම්මුන් විසින් බරපතළ තුවාල සිදුවනතුරු පහරදී තිබූ බවත් ඔවුන් රෝහල් ගතකල බවත් පොලීිසිය පැවැසුවේය.
ලොරියේ රියැදුරා ඇතුළු පිරිසට පහරදීමට සම්බන්ධබව කියන ගම්වාසී තරුණයන් දෙදෙනෙකු පොලීිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර කලහකාරි ලෙස හැසිරුණු තවත් තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීිසිය පරික්ෂණ සිදුකරයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය පිටුපසින් ලූ‍හුබැද පැමිණි පොලිස් මෙහෙයුම් අංශයේ නිලධාරීන් දෙදෙනා අනතුර සිදුවන අයුරු දැක ජීප් රථය හරවාගෙන නැවත පොලීිසියට ගමන් කිරීමේ චෝදනාවට ඔවුන්ගේ වැඩ තහනමට ලක්කිරීමට උසස් පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණි.
අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියැදුරා බීමතින්සිටියේද යන්න අනාවරණය කර ගැනීිමට පොලීිසිය පරික්ෂණ සිදුකරන අතර අනතුර සිදුකළ රියැදුරා අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර කොට්ඨාශ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ සහකාර පොලිස් අධිකාරී චූලනී ස.විරරත්න හා අනුරාධපුර මූලස්ථාන පොලීිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහානාම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අනතුර සිදු වූ ස්ථානයට වහාම ගොස් සිටි අතර මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.   

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය 
 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3625

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2403

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3562

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2123

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7206

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4433

Please publish modules in offcanvas position.