Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනපතිගේ කටාර් ගමන ඉතා වැදගත් - කටාර් අගමැති

ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර ඇති සහයෝගය තවදුරටත් වර්ධනය කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම රටෙහි සංචාරයක නිරතවීම ඉතා වැදගත් වන බව කටාර් අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බින් නසර්  කලීෆා අන් තානී මහතා පැවැසීය.
කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා හා කටාර් අග්‍රාමාත්‍යවරයා අතර  නිල හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය කටාර් රාජ්‍යයට ඉමහත් ගෞරවයක් බව පැවසූ කටාර් අග්‍රාමාත්‍යවරයා දෙරට අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එය විශාල ශක්තියක් වනු ඇති බව ද සඳහන් කළේය.
කටාර්-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
විදුලිබල, බලශක්ති ක්ෂේත්‍රවල ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපතිවරය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ  මෙන්ම කටාර්හි විවිධ ක්ෂේත්‍රවල වෘත්තීන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයා කටාර් අග්‍රාමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.
මෙම සංචාරය තුළදී අත්සන් තැබෙන නව අවබෝධතා ගිවිසුම් තුළින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම තාක්ෂණික දැනුමට අදාළ සහයෝගීතාවයන් තවදුරටත් වර්ධනය වනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
නවීන තාක්ෂණය සමග අද මුළු ලෝකයම එකට එක්වී සිටින අතර, ලෝකයේ සියලු රටවල් අතර සහයෝගිතාවය වැඩිකර ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කටාර් අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළ අතර, එම ආරාධනයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එය ද දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බව සඳහන් කළේය.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 629

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1146

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1006

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 779

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5435

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3591

Please publish modules in offcanvas position.