Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ව්‍යවස්ථාවේ ‘යුනිටරි ස්ටේට්’ ‘ඒකීය’ ලෙස වෙනස් කරන්න

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිංහල භාෂාවෙන් ඇතුළත් කිරීමට නියමිත “ඒකීය රාජ්‍ය” යන යෙදුම ඉංග්‍රීසි කෙටුම්පතට ද පරිවර්තනයකින් තොරව එලෙසම යොදන ලෙස රජයේ උපදේශකයන් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
යුනිටරි ස්ටේට් යන යෙදුම මේ වන විට දුර්වල වචනයක් ලෙස අන්තර් ජාතිකව ද පිළිගෙන තිබෙන බැවින්, උපදේශකයන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ ඇතිවූ අර්බුදය සැලකිල්ලට ගැනීමෙන් පසුව යුනිටරි ස්ටේට් යන වදනෙහි පවතින දුර්වලතාවය පිළිබඳ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් පසුගිය සතිය මුළුල්‍ලේම ගැඹුරු අධ්‍යයනයක යෙදී ඇත. ඒ අනුව ඒකීය යන සිංහල වචනයෙන් රට කිසි ලෙසකින්වත් නොබෙදිය හැකි බවත්,  භූමියේ ස්වෛරිභාවයත් සුරැකෙන අර්ථනිරූපනයක් ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරෙන බව රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෝ පෙන්වා දී ඇත.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කරන යුනිටරි ස්ටේට් යන යෙදුමේ පවතින දුර්වල බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම්කමිටු අතුරු වාර්තාවේ 1 හා 2 වගන්තිවලට අදාළ ගැටලු ලෙසද  දක්වා ඇත. මේ වන විට යුනිටරි ස්ටේට් යන ඉංග්‍රීසි පදයේ සාම්ප්‍රදායික නිර්වචනය වෙනස්කම්වලට භාජනය වී තිබේ. ඒ අනුව උතුරු අයර්ලන්තයට  හා ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යා හැකි තත්ත්වයක් වර්තමානය වනවිටත් එක්සත් රාජධානියේ පවතින බවත්, එම නිසා යුනිටරි ස්ටේට් යන ඉංග්‍රීසි පදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවන බවත්, මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවෙන් දක්වා තිබේ.
යුනිටරි ස්ටේට් යෙදුම 18 වැනි ශතවර්ෂය තරම් ඈත කාලයක භාවිතා කරන්නක් බැවින් නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි යෙදුමට ද ඒකීය රාජ්‍ය යන යෙදුම සුදුසුම පියවර බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෝ දැනුම් දී තිබේ.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3974

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3719

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6787

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4194

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2617

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3423

Please publish modules in offcanvas position.

Web Analytics