Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තොන්ඩමන් නම ඉවත් කලැයි හැටන් හි උද්ඝෝෂණ

ලංකා කම්කරු කොංග‍්‍රසයේ  මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් හා ආධාරකරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (26) උදෑසන 10.30 ට පමණ ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නගර මධ්‍යයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.

මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත්තේ  හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වත්මන් පාලන අධිකාරිය මඟින් තොන්ඩමන් නාමය ඉවත් කර පූල්බෑංක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය යනුවෙන් නම් කිරීමට විරෝධය පෑමක් වශයෙනි.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය දිවංගත සෞම්‍ය මුර්ති තොන්ඩමන් මහතා විසින් වතුකරයේ තරුණ, තරුණියන්ට වෘත්තිය පුහුණුව ලබා දිම සඳහා කැනඩා රජයේ ආධාර යටතේ මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඉදිරණ ලදී.

උද්ඝෝෂණයේ නියලි සිටින මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.ශත්තිවේ  මහතා අවධාරණය කර සිටිනුයේ  අපේ රටේ හිටපු දේශපාලඥයන් මේ රටට සිදුකර ඇති සේවය වෙනුවෙන් ඔවුන් අනුස්මරණය කිරිම සඳහා නම් කර තිබෙන ඇතැම් ගොඩනැගිලි සහ ස්ථාන කිසිදු රජයක් විසින් වෙනස් නොකරන අවදියක තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නාමය වෙනස් කිරීමට අමාත්‍ය පලනි දිගම්බරම්ට කිසිදු අයිතියක් නොමැති බවකි.

මේ වන විට නොර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගණයේ නමද වෙනස් කර ඇති බව පැවසු ශත්තිවේල් මහතා අවධරණය කර සිටිනුයේ නැවත එම නාම පුවරුව සවිකරන තෙක් මෙම උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යන බවකි. කෙසේ හෝ මේ වන විට මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිසියට හැකිවී තිබේ.


හැටන් රංජිත් රාජපක්‍ෂ    

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4640

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4250

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7376

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4644

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2974

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3782

Please publish modules in offcanvas position.

Web Analytics