Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුඛෝපභෝගී ජීප් රථයෙන් කුඩු බෙදලා

බදුල්ල දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදාහරින බව කියන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙක්  හෙරොයින් ග්‍රෑම් 17 යි මිලි ග්‍රෑම් 91 ක් සමග බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරින්  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 33 සහ36 යන වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම ප්‍රෙද්ශයේ පදිංචි කරුවන්  වන අතර හපුතලේ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන  එහි නතරවි බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, හල්දුම්මුල්ල, හාලිඇල, දියතලාව, ඇල්ල, පස්සර, මහියංගනය, මීගහකිවුල යන ප්‍රදේශ වලට සුඛෝපබෝගි ජීප්රථයෙන් ගොස් මෙම ජාවාරම කර ඇති බවද අනාවරණය වී තිබේ. මෙම ජීප්රථය මෙම සැකකරුවෙකුට අයත් එකක් බවද  විමර්ශන වලදි අනාරවණය වු බවද පොලිසිය කියයි.

මෙම එක් සැකකරුවෙක් තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලික මූල්‍ය ආයතනයක කළමණාකරුවෙක්  ලෙස  කලක් සේවය කර ඇති අතර මත්කුඩු භාවිතයට ඇබ්බැහි වුවෙක් බව ද  අනාවරණය වී ඇත.

පැකට් 210 කට අසුරණ ලද මෙම හෙරොයින්  පැකට් එකක්  රුපියල් 2500 බැගින් විකුණන බවත්  දුරකතන මගින් විදුයුත් ක්‍රමයට මුදල් ලබාගෙන විදුලි කණුයට, බෝක්කු තුළ  හා වෙනත් දැනුම් දුන් ස්ථානවල දමායන බවත්  සැකකරුවන්  විසින් අනාවරණය  කළ බව පොලිසිය සදහන් කරයි.

පැකට් කළ හෙරොයින් වලට අමතරව පැකට් නොකළ හෙරොයින් පාර්සලයක්ද මෙම වැටලීමේදි සොයාගත් බව පොලිසිය පවසයි.  

අත්අඩංගුවට ගත් හෙරොයින් වල මුලු වටිනාකම රුපියල්  ලක්ෂ 9 ක් පමණ  වන බවද  පොලිසිය සදහන් කරයි.  

බදුල්ල මධ්‍ය මහා විද්‍යලයට නුදුරින් පිහිටි පුද්ගලික බැංකුවක් අසලදි සැකකරුවන්  දෙදෙනා මෙම ජාවාරමට පැමිණ සිටියදී ඔවුන්  පැමිණි සුබෝපබෝගී ජිප්රථයත්  සමගම අත්අඩංගුවට ගත් බවත් ජීප්රථයේ සහ සැකකරුවන්ගේ  කලිසම් සාක්කුවල තිබී මෙම හෙරොයින් සොයාගත් බවත් පොලිසිය  පවසයි.

මේ  ජාවාරම  සදහා උපයෝගි කරගත් බවටසැකකරන ජංගම දුරකථන  11  ක්ද  හා  කුඩු විකුණා ලද බව කියන රුපියල් 24000 ක මුදලක්ද සැකකරුවන් ලඟ තිබි සොයාගෙන තිබේ.

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති  අරුණ ප්‍රේමශාන්ත බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විරසේකර  සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක විපුල තෙන්නකෝන් යන මහත්වරුන්ගේ  උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප යල්කුඹුර , උ.පො.ප . තුෂාර,පො.සැ. 3949 වීරසිංහ , පො.සැ. 48439 ස්ටැන්ලි, පො.කො. 54148 ගුණසේකර , 39361 රාජපක්ෂ, 60162 ප්‍රියන්ත , 80892 නිරෝෂන යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

සුලක්ෂ පියතිස්ස බදුල්ල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3119

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2963

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6013

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3592

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2179

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2994

Please publish modules in offcanvas position.

Web Analytics