Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඒකීයත්වය රැකගෙන බලය බෙදිය යුතුයි

අතීතයේ උතුරේ ඇති වූ යුද තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා බලය බෙදීමේ අවශ්‍යතාවක් ඇති බවත් ඒ සඳහා රටේ ඒකීය සංකල්පය වෙනස් කිරීමට හෝ බුද්ධශාසනයට හිමි තැන වෙනස් කිරීමට හෝ  ඉඩ නොදෙන බවත් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (25) සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඕනෑම අයකුට ඔවුන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීමට අයිතියක් හා නිදහසක් තිබෙනවා. අපේ රටේ ගරුතර මහා සංඝරත්නය සිවිල් සංවිධාන විරුද්ධ දේශපාලන පක්ෂ දැනටමත් විවිධ අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
රජය මේ දක්වා ව්‍යවස්ථාව හදලා නෑ. ව්‍යවස්ථාවේ කෙටුම්පතක් පමණයි සකස් කර තිබෙන්නේ. ඒ කෙටුම්පතට අමතරව ඒ ඒ දේශපාලන පක්ෂ අනුකමිටු වෙත මතෛක් ඔවුන්ගේ මත වාර්තා ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සියලු කරුණු සාකච්ඡා කරලා හැමෝටම පිළිගන්න පුළුවන් හැමෝම එකඟවන නව ව්‍යවස්ථාවක් හැදෙයි කියලා අපි විශ්වාස කරනවා යැයිද අමාත්‍යවරයා කීවේය.
මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කීවේය. අපේ මහානායක හිමිවරුන් නියෝජනය කරමින් අපේ හාමුදුරුවරු කියන්නේ ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ කියලයි. ව්‍යවස්ථාවකින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව වෙනත් ක්‍රමයක් තිබෙනවා නම් ඒකත් කියන එක හොඳයි. උතුරේ ජනතාවගේ භෞතික ප්‍රශ්න විසඳන්න මහින්ද රාජපක්ෂ රජයත් විශාල වැඩ කොටසක් කළා. 'උතුරු වසන්තය' වැඩසටහන තුළින් විශාල මුදලක් වැය කරලා උතුරේ භෞතික සංවර්ධන කටයුතු රැසක් කරලා තිබෙනවා. නමුත් මැතිවරණයේදී උතුරේ ජනතාව මහින්ද මහත්තයට විරුද්ධව ඡන්දය දුන්නා. එහෙම නම් ඒකෙන් තේරෙන්නේ උතුරේ තියෙන්නේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් ‍නෙවෙයි කියලයි. එදා මහින්ද ජනාධිපතිවරයාට කීවා (13+) දහතුන්වන සංශෝධනයට තවත් බලතල එකතු කරන්න ඕනෑ කියලා. අද බැසිල් රාජපක්ෂ උතුරට ගිහිල්ලා කියනවා උතුරේ හමුදාව ඉවත් කරන්න කියලා. දකුණේදී මේ අය කියන්නේ වෙන දෙයක් යැයිද අමාත්‍යවරයා කීවේය.
මෙම අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා ඒවාට ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - එදා යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඊට විසඳුමක් හැටියට තමයි ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ගැන යෝජනා වුණේ අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදීම ලංකාවේ යුද අපරාධ වුණේ නෑ කියලා කියද්දිත් ශ්‍රී ලංකා රජය ඒ ගැන කෙළින් උත්තරයක් නොදෙන්නේ ඇයි?
පිළිතුර - මොකද නැත්තේ. ඔයාලා පාර්ලිමේන්තුවේ පසුගිය හැන්සාඩ් වාර්තා අරගෙන බලන්න. අපි නිරතුරුවම යුද අපරාධ චෝදනාව ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ජනාධිපති හා අගමැතිත් මේ ගැන දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රශ්නය - එක එක අය ඒ ගැන කීවාට නිල වශයෙන් රජය මේ ගැන යමක් කියන්න ඕනෑ නැද්ද?
පිළිතුර - පාර්ලිමේන්තුව තුළ ඒ ගැන කරන කථා නිල වශයෙන් කරන ප්‍රකාශ තමයි.
 ප්‍රශ්නය - පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා අතුරු වාර්තාවට දේශපාලන පක්ෂ හා අනු කමිටු ඉදිරිපත් කළ වාර්තා ඇතුළත් කරලා නෑ නේද?
පිළිතුර - ඒ සියලු වාර්තා පදනම් කරගෙන තමයි අතුරු වාර්තාව හදලා තියෙන්නේ.
ප්‍රශ්නය - මම කියන්නේ මුදල් පිළිබඳ අනු කමිටුවේ වාර්තාව මෙම අතුරු ව්‍යවස්ථාව සකස් කිරීමේදී සැලකිල්ලට ගෙන නෑ කියලයි.
පිළිතුර - ඒ ඔක්කොම මේකට දාලා කතා කරන්න දෙයක් නෑ. රජයේ මූල්‍ය කටයුතු දැන් සිදුවන ආකාරයට සිද්ධ වෙනවා.
ප්‍රශ්නය - නමුත් දෙමළ ජාතික සන්ධානය කියන්නේ රාජ්‍ය මුදල්වලත් 40ක් පළාත් සභාවට ඕනෑ කියලයි.
පිළිතුර - ඔය කිව්වට එහෙම දෙන්න පුළුවන්ද?
ප්‍රශ්නය - මේ හදන්න යන්නේ ව්‍යවස්ථාවක් නම් රාජ්‍ය මුදල් පරිපාලනය ගැන විවාද කිරීම අවශ්‍ය නැද්ද?
පිළිතුර - අන්තවාදී විදියට මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ. අපි හැමෝම මැදට ඇවිල්ලා මේ ගැන කතා කරන්න ඕනේ. මමත් හොඳ සිංහල බෞද්ධයෙක්. ව්‍යවස්ථාවෙන් රටට හෝ කුමන ජාතියකටවත් අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.
 
ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2983

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1813

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1394

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3544

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5984

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5250

Please publish modules in offcanvas position.