Coss Ear2
lakbima.lk
COSS Ear 1

අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ වලින් කිරිපිටි වංචාවක්

විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදාගනිමින් රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑ හත්දහස් හත්සිය පනහක් වටිනා කිරිපිටි පැකට් 3500ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අමාත්‍යංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම අමාත්‍යංශයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කිලෝග්‍රෑම් 1ක් කිරිපිටි පැකට් 1000ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2500ක් ලබාදෙන ලෙස දන්වමින් එහි අතිරේක ‍ලේකම්වරයකු හා විධායක නිලධාරියකුගේ නමින් අත්සන් කරමින් සහ එම නිලධාරින්ගේ නිලමුද්‍රා පවා යොදාගනිමින් මෙම කිරිපිටි තොගය ලබන දෙන ලෙසට ප්‍රසිද්ධ කිරිපිටි සමාගමට ඊමේල් පණිවුඩයක් යවා තිබේ.
විදේශ රැකියා අමාත්‍යංශය මුලින් පිහිටි 5 වන කණුව, 12 වන මහල, මහ බැංකු ගොඩනැගිල්ල, කොළඹ 1 ලිපිනය සහ පැරණි දුරකථන අංක සහිත ලිපි ශීිර්ෂයක එම කිරිපිටි තොගය ඉල්ලා ඇති ලිපිය අදාළ සමාගම වෙත යවා තිබේ.
එසේම එම කිරිපිටි තොගය කඩවත අධිවේගී මාර්ගය පිවිසුමට ඇතුළු වන ස්ථානයේ බහාලන ලෙසටත් එතැනදි වෙනත් ලොරියකින් මෙම භාණ්ඩ බාර ගන්නා බවටත් එම කරිපිටි සමාගමට පවසා තිබේ.
කෙසේ හෝ අදාළ සමාගම විසින් විදේශ රැකියා අමාත්‍යංශය වෙත කරනු ලැබූ දැනුම් දීමකට අනුව මේ බව වහාම සොයා බැලීමට අමාත්‍යංශය පියවර ගෙන තිබෙන අතර එවැනි නම් ඇති නිලධාරීන් අමාත්‍යංශයේ නොමැති බවත්, මෙය මහා පරිමාණ වංචාවක් බවත් හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරියා පවසා සිටියේ, මෙයට අමාත්‍යංශයේ කිසිඳු නිලධාරියෙක් සම්බන්ධ නැති බව පෙනී යන බවත්, එසේම අමාත්‍යංශයේ ලිපි ශිර්ෂය යොදාගනිමින් මෙම වංචාව කිරීම පිළිබඳව සොයා බැලීමට මූල්‍ය වංචා කොමිසමට පැමිණිලි කරන බවත්ය.
විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදාළ පියවර ගනිමින් සිටින බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
 
පද්මිණි මාතරගේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 747

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 357

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3463

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1961

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3955

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5046

Please publish modules in offcanvas position.