Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් සභා මන්ත්‍රීගේ බිරිඳත් රිමාන්ඩ්

දිවුලපිටිය දූනගහ බල්ලපාන ප්‍රදේශයේ ඉකුත් 23 දින සිදුවූ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්ව සිටින සැකකාර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු නමැති අයගේ බිරිඳ වූ ඉන්දියන් ජාතික හර්ජෝට් තෝර් නමැති අය ඊයේ (24) දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
සිද්ධිය වූ දින පස්වරුවේ සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස වත්තල ‍පොලීසියේ නිලධාරීන් පරීක්ෂා කරන ලදුව එහි තිබි වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක්, විවිධ වර්ගයේ ගිනි අවි උණ්ඩ 15ක් හා පිස්තෝල රැඳවුමක් අත්අඩංගුවට ගෙන තිබිණ.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන එම හැඳල වත්තල පදිංචි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගෝ සහ මිනුවන්ගොඩ අළුත‍පොළ ඩබ්. සුරංග දිනේෂ් කුමාර, මිනුවන්ගොඩ පදිංචි කෝමල සිල්වා, පමුණුගම හෝපිටිය පදිංචි සම්පත් පුෂ්ප කුමාර, පමුණුගම උස්වැටකෙයියාවේ පදිංචි ජූඩ් කපුමාදු, දිවුලපිටිය අත්වාදුවත්තේ පදිංචි ජානක දිනේෂ් සහ නිහාල් රාජපක්ෂ යන හත්දෙනා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (24) පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් නොවැම්බර් මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලිනි චතුරන්සි පෙරේරා මහත්මිය නියෝග කළාය.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත කරුණු දක්වමින් අදාළ සැකකරුවන්ට ‍පොලීසිය විසින් දරුණු ලෙස පහරදී ඇති බවත් ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ඉල්ලීමට අනුමැතිය දෙමින් ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
‍පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට තිබෙන බවද පැවැසීය.
මේ අතර එදින සිද්ධියේදී ‍පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග වූ වෙඩි හුවමාරුවෙන් මිනුවන්ගොඩ, තිල්පනාගොඩ පදිංචි තුෂාර ලක්ෂාන් කුරේ නමැති සැකකරු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තවත් සැකකරුවකු වෙඩි වැදී වූ තුවාල සහිතව මිනුවන්ගොඩ ‍පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ගම්පහ රෝහ‍ලේ දැඩි ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
එම සැකකරු ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු පිළිබඳව වාර්තාවක් ගම්පහ මහේස්ත්‍රාත්වරයා මගින් ලබාගැනීමටද විනිසුරුවරිය දන්වා සිටියාය.
 
ආරියපාල වීදාගම, සුසන්ත අබේරත්න - ගම්පහ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2213

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1231

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5386

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3116

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5209

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6468

Please publish modules in offcanvas position.