Coss Ear2
lakbima.lk
COSS Ear 1

දළදා මාලිගාවට මියන්මාර් ඇතුන් ලැබුණේ නොමිලේ

මියන්මාර් රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇතුන් දෙදෙනාට මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවෙන් සතයක්වත් වියදම් කර නැති බව තරයේ ප‍්‍රකාශ කරන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසා සිටියේය.
විදේශ රටක සිට ලක්බිමට අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා කියා සිටියේ මෙම ඇතුන් දෙදෙනා 2007 වසරේ මියන්මාර් රජයෙන් නොමිලේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු බවයි. මෙම ඇතුන් දෙදෙනා මිලදී ගැනීමට මාලිගාවෙන් රුපියලක්වත් වියදම් කර නැති බව තරයේ කියා සිටින බවද ඔහු පැවැසීය.
ජාත්‍යන්තර සම්මුති අනුව කිසිදු රටකින් රටකට අලිි ඇතුන් විකුණන්න නොහැකි බව පැවැසු නිලමේවරයා රටකින් රටකට, ප‍්‍රාන්තෙකින් ප‍්‍රාන්තෙකට, සත්වෝද්‍යානයකින් සත්වෝද්‍යානයකට, සතුන් හුවමාරු කිරීමක් හෝ පරිත්‍යාගකිරීමක් නීත්‍යනුකූලව සිදුකළ හැකි බවද පැවැසීය. සාමාන්‍යයෙන් මෙවන් පරිත්‍යාගයක් කරන පිරිස ඒ සඳහා යම් වටිනාකමක් නියම කරන අතර මියන්මාර් රජය මාලිගාවට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනාටද ඩොලර්වලින් එසේ වටිනාකමක් සඳහන් කර තිබුණු නමුත් එම වටිනාකම මුදලින් ගෙවා නැතැයිද එම වටිනාකම සඳහන් රිසිට් පතේ පිටපතක් මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීම නිසා ජනතාව අතර විශාල ලෙස වැරදි වැටහීමක් ජනිත වන්නේ යැයිද දියවඩන නිලමේවරයා පැවැසීය. මෙම ඇතුන් දෙදෙනා ප‍්‍රවාහනයටවත් මාලිගාවෙන් සතයක්වත් වියදම් කර නැති බව සඳහන් කළ දියවඩන නිලමේවරයා නැව් සමාගමක් මෙම ඇතුන් දෙදෙනා නොමිලේ ප‍්‍රවාහනය කර දුන් බවද කීය.
මේ වෙනුවෙන් යම් වියදමක් මාලිගාවට දැරීමට සිදුවූවා නම් එය එරටින් පැමිණි ඇත් ගොව්වන්ට නවාතැන් පහසුකම් ලබාදීමටත්, ඔවුන්ට කෑම බීම සපයා දීමටත්, නැවත එම පිරිසට එරටට යෑම සඳහා ගුවන් ටිකට් පත් ලබාදීමටත් පමණක් බවත් එයත් ඉතා සුළු මුදලක් බවත් දියවඩන නිලමේවරයා පැවැසීය. මේ පිළිබඳව තොරතුරු ශ‍්‍රී දළදා මාලිගාවේත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේත්, බුද්ධශාසන අමාත්‍යාංශයේත්, රේගුවේ සහ මියන්මාර් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලිපිගොනුවලත් තිබෙන බව දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙවැනි අසත්‍ය ප‍්‍රචාර නිසා ශ‍්‍රී දළදා මාලිගාවටත්, මහා නාහිමිවරුන්ටත්, තමාටත් අපහාසයක් සිදුවන බව පෙන්වා දුන් දියවඩන නිලමේවරයා මෙවැනි අසත්‍ය ප‍්‍රචාර නිසා එම ත්‍යාගයත් හෑල්ලූවට පත්වන බව පෙන්වා දුන්නේය. මෙවන් අසත්‍ය පුවත් හරහා මාලිගාව කෙරේත්, දියවඩන නිලමේවරයා කෙරේත් ජනතාව වැරදි වැටහීමක් ඇතිකර ගන්නා බවද ඔහු කීය. එවන් සිදුවීමක් වාර්තා කිරීමට පෙර තමාගෙන් ඒ පිළිබඳව විමසීමට තිබූ බවත් එසේ නොමැතිව ඒකපාර්ශ්විකව පළකළ වාර්තාවක් නිසා විශාල වැරදි අවබෝධයක් ජනතාව අතරට යන බවද දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයා වන්නිආරච්චි

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1238

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 706

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4106

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2354

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4387

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5544

Please publish modules in offcanvas position.