Coss Ear2
lakbima.lk
COSS Ear 1

හබරකඩ ඉන්දරතන නායක මාහිමිපාණන් වහන්සේ අනුස්මරණය කෙරේ

අපවත්වී වදාල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක හබරකඩ විජයානන්ද පිරිවෙන් විහාරාධිපති ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය  හබරකඩ ඉන්දරතන නායක මාහිමිපාණන් වහන්සේ   අපවත්වී මසක් පමණ ගතවන අවස්ථාවේ උන්වහන්සේගේ සේවය අනුස්මරණය කිරීමට සහ උන්වහන්සේට පිං අනුමෝදන් කිරීමට  සඟ සතු දානමය පින්කමක් 2017 ඔක්තෝබර් මස 28 වන සෙනසුරාදා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මගේ ආරාධනයෙන් ශ‍්‍රී මහා බෝධි අංකුරයක්ද වැඩමවාගෙන 1984 වර්ශයේ ප‍්‍රංශයට පැමිණි ප‍්‍රථම යතිවරයාණන් වහන්සේද උන්වහන්සේය. ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නියෝජනය කරමින් පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කරණ මෙම අනුස්මරණ උත්සවයට කොළඹ ආනන්ද මහා විද්‍යාලය නියෝජනය කරමින් ආනන්ද විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය සුවාරපොල විජයාරාමාධිපති ශාස්ත‍්‍රවේදී පූජ්‍ය වේපතඉර හේමාලෝක මාහිමි, හබරකඩ ඉන්දරතන නාහිමිගේ ජේ්‍යෂ්ට ශිෂ්‍ය ස්විටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික හිමි, පූජ්‍ය ශාස්ත‍්‍රශූරී කෝන්ගස්දෙණියේ ආනන්ද මාහිමි, ප‍්‍රංශයේ අධිකරණ සංඝනායක පූජ්‍ය මුරුංගගස්යායේ ඤණිස්සර නාහිමි, විචිත‍්‍ර ධර්ම දේශක පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී ජිනානන්ද හිමි සහ රාහුල හිම්යන්ද මෙම අවස්ථාවට  සහභාගී වන අතර ප‍්‍රංශයේ ගරු ශ‍්‍රී ලංකා තානාපති  බුද්ධි ආතාවුද මැතිතුමන්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 16

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2962

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6213

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5193

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3110

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3064

Please publish modules in offcanvas position.