Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පුලතිසිපුර ගුරු සිසුවියන් දෙපිරිසක් කා කොටා ගනිති (Photos)

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු වසර හා දෙවන වසර ගුරු සිසුවියන් අතර ඊයේ (23) රාත්‍රියේ භෝජනාගාරයේ දී වචන හුවමාරුවක් දුර දිග යාමෙන් ඇති වූ කලහකාරී තත්ත්වයක්  විද්‍යාපීඨයේ පාළනාධිකාරියට පාළනය කරගැනීමට නොහැකි වී ඇති බැවින් පොලොන්නරුව පොලිසියේ ආරක්ෂාව ඉල්ලා ඇතැ බව පොලොන්නරුව පොලිසිය කියයි.

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ  පළමු වසර හා දෙවන වසර ගුරු සිසුවියන් අතර මෙම ගැ‍ටුම ඉකුත්වාර නිවාඩුවට පෙර සිට තිබී ඇති අතර පාළනාධිකාරිය මේ වනතෙක් ඊට විසදුම් නොදීම නිසා යළි සිසුවියන් අතර මෙම ගැ‍ටුම් වර්ධනය වී ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් ඊයේ (23) රාත්‍රී ආහාර ගැනීමට ගොස් භෝජනාගාරයේ දී මෙම ගැ‍ටුම නැවත ආරම්භ වී  තිබේ.

රාත්‍රී 8.30ත් 9.00ත් අතර කාලය තුළ ආරම්භ වූ මෙම ගැ‍ටුමට ගුරු සිසුන් ද පසුව සම්බන්ධ වී තිබේ. විද්‍යා පීඨයේ කථිකාචාර්යවරුන්ට පවා පරුෂ  වචනයෙන් බැනවදිමින් හූ කියමින් සිදු කළ මෙම කෝලාහලය පාළනය කිරීමට රාත්‍රී 10.30 පමණ වනතුරුත් නොහැකි වී තිබේ.
පසුව පීඨාධිපතිවරයා  පොලිස් හදිසි ඇමතුම් අංක119 ට කළ ඉල්ලීමක් අනුව පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගත් බව පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.එම්.එස්.එම්.ජරූල් මහතා කීය.

"හදිසි ඇමතුම් අංක 119 ටත් පීඨාධිපතිතුමා රාත්‍රී 10.30ට පමණ කතා කරලා මේ අය පාළනය කරගන්න බැහැ සහය වෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විද්‍යාපීඨයට පිටත් කළා. රාත්‍රී 11.30 ,12  ට පමණ තත්ත්වය පාළනය කරන්න පුලුවන් වුණා. දැනට අපි පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා." ස්ඨානාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපති ජේ.ඒ .ගුණපාල මහතාගෙන් විමසීමක් කිරීමට දුරකථනයෙන් අවස්ථා කිහිපයකම උත්සාහකළ ද එය ව්‍යර්ථ විය.


ප්‍රියන්ත බණ්ඩාර -  පොලොන්නරුව

 

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1071

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2803

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3202

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4120

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2320

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2709

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click