Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යාපනයේ වෙඩි තැබිම ගැන කණ්ඩායම් තුනකින් පරීක්ෂණ

යාපනයේ අරියා‍ලේ මනියන්තෝට්ටම් ප්‍රදේශයේදී නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙක් විසින් කළ වෙඩි තැබිමකින් තරුණයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් තුනක් පත් කර ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
යාපනය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය ‍පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ යාපනය කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී විජිත ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ කණ්ඩායම් තුනක් පත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
එමෙන්ම මේ වන විට දුරකථන අංක කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන අතර සිද්ධිය සම්බන්ධව තවත් ප්‍රකාශ කිහිපයක් ලබා ගත් බවද ඒ මහතා පැවැසීය.
මනියන්තෝට්ටම් රා තැබෑරුම් මන්සන්දිය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් වයස 24 ක් වූ උදරපුරම් ආරියාල ප්‍රදේශයේ පදිංචි දොන්  බොස්කෝට වෙඩි තැබිම සිදු කොට ඇති අතර අදාළ වෙඩි තැබිමෙන් පසුව යතුරුපැදිකරු පලා ගොස් ඇත.මියගිය තරුණයා බරපතළ තුවාල ලබා යාපනය රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගොස් ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
වෙඩි තැබිමෙන් බරපතළ තත්ත්වයේ සිටි තරුණයාට පෙරේදා රාත්‍රියේ ශල්‍යකර්මයක් සිදුකොට ඇති නමුත් තරුණයාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බවද ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ශානිකා මාධවී පිරිස්, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 192

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3496

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2136

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1575

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3825

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6399

Please publish modules in offcanvas position.