Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එස්.ටී.එෆ්.- පාතාල වෙඩි හුවමාරුවක්

දිවුලපිටිය දූනගහ බල්ලපාන මාර්ගයේ හේන්ගෙදර ප්‍රදේශයේ පාසල අසලදී ආයුධ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක් හා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ  නිලධාරීන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එම අපරාධකරුවන් අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගෝ් නමැත්තෙකු සිටි බවට අනාවරණය වී ඇත.
දිවුලපිටිය හේන්පිටගෙදර පාසල අසල සැකකරුවන් දෙදෙනකු සැරිසරන බවට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලද තොරතුරක් මත එම ස්ථානයට ගොස් ඇත. එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයේ සැරිසරිමින් සිටි අතර ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත. එම අවස්ථාවේදී ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ද එම සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ගෙන යන අවස්ථාවේදී මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ නිල්පනාගොඩ මිනුවන්ගොඩ පදිංචි නාවගේ තුෂාර ලක්ෂාන් කුරේ නමැති පුද්ගලයෙක්ය.
අනෙක් පුද්ගලයා පලා යෑමට තැත් කිරීමේදී ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට වෙඩි තබන අවස්ථාවේදී එම ස්ථානයට කැරවන් වෑන් රථයකින් තවත් පුද්ගලයන් හය දෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර එම සැකකරුවන් හයදෙනාද ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන්  ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හැඳල වත්තල ප්‍රදේශයේ පදිංචි රන්දීර් රුද්‍රිගෝ, අලුත‍පොල මිනුවන්ගොඩ පදිංචි වැල්ලව්තේ සුරංග දිනේෂ් කුමාර, මිනුවන්ගොඩ පදිංචි කෝමල සිල්වා, හෝපිටිය පමුණුගම පදිංචි සම්පත් පුෂ්පකුමාර, පමුණුගම ඉස්වැටකෙයියාවේ පදිංචි ජූඩ් කපුමාදු, දිවුලපිටිය අක්වාදුවත්තේ පදිංචි ජානක දිනේෂ් හා නිහාල් රාජපක්ෂ නමැති පුද්ගලයන් හත්දෙනෙකු එම අවස්ථාවේදී ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස අතර සිට මිය ගිය තුෂාර ලක්ෂාන් කුරේ නමැත්තා මීට පෙර පාතාල කල්ලි නායක දැනට බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ චමින්ද ඝාතනයට පැමිණි පුද්ගලයෙකු ලෙසද අනාවරණයව ඇත. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දිවුලපිටිය ‍පොලීසිය විසින් සිදු කරන බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඔවුන් සතුව තිබි පිස්තෝල 2ක්, ප්ලාස්ටික් පිස්තෝලයක් සහ අත්බෝම්බයක් සොයාගෙන ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රසාදිකා ජයවර්ධන, ආරියපාල වීදාගම, අයි.එම්.අබේරත්න (දිවුලපිටිය)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics