Coss Ear2
lakbima.lk
COSS Ear 1

'ප්‍රයිවෙට් බස් චණ්ඩින්' ගෙන් පරිස්සම් වෙන්න - පළාත් මාර්ග ඇමති

වලපනේ පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ හරහා මහනුවර දක්වා ලංගම බස් රථයක් ධාවනයට යෙදවීමෙන් අවේගශීලීව කටයුතු කිරීමට සූදානම්ව සිටින පෞද්ගලික බස් කර්මාන්ත කරුවන් හා‍ සේවකයින් අතින් මිනිස් ජීවිත හා දේපළ හානි සිදුවිය හැකි බවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන ප්‍රවාහන විදුලිබල හා බලශක්ති හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා ලංගම සභාපතිවරයාට අනතුරු අගවන  ලිපියක් යවා ඇතැයි වලපනේ මගී හිමිකම් සුරැකීමේ සමිතිය ප්‍රකාශකරයි.

ඔවුන් පවසනුයේ නීතිය, සාමය රජයන ප්‍රජාතන්ත්‍රවාදී සමාජය වග කිවයුතු දේශපාලඥයෙකු විසින් කෙසේවත් සිදු නොකළ යුතු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් සහිත එම ලිපියේ පිටපතක් තම සමිතිය වෙතද ලැබී ඇති බවකි.

ඒ අනුව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ මහනුවර, රිකිල්ලගස්කඩ, වලපනේ හරහා නුවරඑළියට බස් ධාවනය වූ මාර්ග අංක 626 මාර්ගය පෞද්ගලික බස් රථ ධාවනය වීමෙන් පසු කොටස් කිහිපයකට කැඩී ඇති බවය.  මෙම කොටස් කිහිපයකට බෙදීම නිසා දැනට පැය තුනහමාරකින් පමණ මහනුවර සිට නුවරඑළියට යා හැකි කිලෝ මීටර් 98.3 ක දුර ප්‍රමාණය ගෙවීම සඳහා එම මාර්ගයේ කඩින් කඩ ගමන් කරනා මගියෙකුට පැය 7 – 8 ගතවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

දැනට එම මාර්ග අංකය යටතේ බස් රථ ධාවනය වනුයේ මහනුවර - රිකිල්ලගස්කඩ දක්වා පමණක් බවත් මෙම තත්ත්වය නැති කොට අතීතයේ සාර්ථක බස් රථ සේවාවක් පවත්වා ගෙනගිය  මහනුවර, රිකිල්ලගස්කඩ, වලපනේ හරහා නුවරඑළිය මාර්ගයේ පැවැති ලංගම බස් රථ සේවාව නැවත ස්ථාපිත කරන ලෙසත් තම සමිතිය කලක සිට වගකිවයුතු සෑම අංශයකටම දන්වා ඇතැයි එම සමිතිය කියයි.

එහිදී සියළු පාර්ශවයන්ගේ එකඟත්වය යටතේ මෙම මාර්ගය ඇතුළු වලපනේ ආශ්‍රිත සෙසු මාර්ග වල සිනි කළමනාකරණයක් යටතේ ලංගම බස් රථ සේවාව විධිමත් කළ යුතුව තිබිය දී නැවත ලංගම බස් රථ ධාවනයට යොදවුවහොත් අවේගශීලීව කටයුතු කිරීමට සූදානම්ව සිටින පෞද්ගලික බස් කර්මාන්ත කරුවන් හා‍ සේවකයින් අතින්  දේපළ සහ ජීවිත විනාශ වන බවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලංගම සභාපතිවරයා අනියමින් බිය වැද්දීමට උත්සාහ කිරීම ගැන තම සමිතිය විශ්මයට පත්වන බව ඔවුහු කියති.

මෙහිදී පළාත් අමාත්‍යවරයා අතීත තත්ත්වයන් නොසලකා සහ දුරදිග නොබලා හුදෙක් පෞද්ගලික බස් කර්මාන්තය වෙනුවෙන් පමණක් පෙනී සිටන අතර පොදු මගී සුභසාධනය වෙනුවෙන් පෙනී නොසිටීම ඉතා ශෝචනීය කරුණක් බව පෙන්වා දෙන එම සමිතිය නිසි කළමනාකරණ වැඩසටහන් ය‍ටතේ දැනට අහිමි වී ගොස් ඇති මාර්ග අංක 626 මහනුවර - නුවරඑළිය මාර්ගයේ ලංගම බස් රථ සේවාව විධිමත් කරන ලෙසත්, දැනට නවීකරණය වී ඇති මාර්ග පද්ධතිය යටතේ එම ධාවන කාල සීමාවන් අඩුකිරීමට කටයුතු කරන ලෙසටත් අවශ්‍ය උපදෙස් දෙන මෙන් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මධ්‍යමපළාත් මාර්ග සංවර්ධන අමාත්‍යවරයා  ලංගම සභාපතිවරයාට යොමුකළ මෙම ලිපියෙහි අනියමින් සිදුකොට ඇති සාපරාධි තර්ජනය පිළිබඳව නීතිමය සහ විනය ක්‍රියා මාර්ගයක් ගන්නා මෙන්ද ඔවුහු ඉල්ලා සිටිති.
 

එම ලිපිය - :
 

සභාපති,

චමල් සිරිවර්ධන මහත්මා,

ලංකා ගමනා ගමන මණ්ඩලය,

නාරාහේන්පිට,

කොළඹ.

හිතවත් සභාපතිතුමනි,

වලපනේ ලංගම ‍ඩිපෝ අධිකාරි තම අභිමතය පරිදි බස් රථ ධාවනයට යෙදවීමෙන් සිදුවිය හැකි දේපල හා ජීවිත විනාශය වහාම නතර කරන ලෙසට කරනු ලබන දැනුම්දීම

වලපනේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ අධිකාරී විසින් ඔහුගේ අභිමතය පරිදි වලපනේ පදියපැලැල්ල රිකිල්ලගස්කඩ හරහා මහනුවර දක්වා බස් රථයක් ධාවනයට යොදවා ඇත. එසේම ඉදිරියේ දී තවදුරටත් බස්රථ තුනක් යෙදවීමට අදහස් කර ඇති බවද පැවසේ.

01.මෙම මාර්ගයේ ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග බලපත්‍ර ලබා දී ඇත.

02.මාර්ගය සඳහා තවදුරටත් මාර්ග බලපත්‍ර ලබාදීම මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය මගින් මාගේ උපදෙස් මත නතරකර ඇත.

03.නව බලපත්‍ර ලබාදීම නතරකර ඇත්තේ ප්‍රමාණවත් බලපත්‍ර නිකුත්කර ඇති නිසාවෙනි.

04.නිකුත්කර ඇති බලපත්‍ර ප්‍රමාණය සඳහා වේලාවන් ලබාදීම නොහැකි බැවින් සමහර බස්රථ දෛනික ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.

05.මෙම මාර්ගයේ බස් රථ ධාවනය සඳහා ඒකාබද්ධ කාලසටහනක් සකස්කර නොමැත. ඒ සඳහා එකඟත්වයද ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ලබාදී නොමැත.

කාලසටහනකට අනුව පෞද්ගලික බස් රථ ධාවනය වුවද කාලසටහනකට අනුව ලංගම බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තකරුවන්ට සිදුවිය හැකි අසාධාරණය පිළිබඳව බස් කර්මාන්තකරුවන් හා සේවකයින් අවේගශීලීව කටයුතු කිරීමට සූදානම්ව සිටින බව පෙන්වා දීමට කැමැත්තෙමි.

මෙම‍ හේතුවෙන් සිදුවිය හැකි යැයි උපකල්පනය කරනු ලබන දේපල විනාශය හා මිනිස් ජීවිත හානිය පිළිබඳව විශේෂයෙන් සොයාබලා ඇතිවිය හැකි ගැටළුකාරී තත්ත්වය නවතා දැමීමට උපකාරීවන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාව වෙත පැවරී ඇති මගී ප්‍රවාහන සේවා සැලසුම් කිරීම, මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම් ආදී කරුණු පිළිබඳව මා වෙත පැවරී ඇති බලතල අනුව නෛතික ක්‍රියාමාර්ගයකට මාහට එළඹීමට ඇති හැකියාව පිළිබඳව ඔබ තුමා දැනුවත් කිරීමට මෙම ලිපිය උපයෝගී කරගනිමි.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්රථය ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් පැනනැඟිය හැකි තත්ත්වය පිළිබඳව විධිමත්ව සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් අදාල නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.

මීට ඉහතදී වලපනේ ඩිපෝවේ අධිකාරී මහතා සාකච්ඡාවට කැඳවුවද ඔහු සහභාගී නොවී ඊට හේතූන් ලිපියකින් දැනුම් දීමට තරම් උද්දච්ච වී ඇති බවද කණගාටුවෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබගේ විශේෂ අවධානය යොමු කර ජීවිත හා දේපල සුරක්ෂිත කර ජන ජීවිතය යථාතත්වයෙන් පවත්වාගෙන යාමට අදාල නිලධාරීන්ට නියෝග කිරීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

 

                                                                                          මෙයට

                                                                                          විශ්වාසි

 

                                                                                         එදිරිවීර විරවර්ධන

                                                                                         මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන,

                                                                                         ප්‍රවාහන විදුලිබල හා බලශක්ති          

                                                                                         සහ නිවාස හා ඉදිරිකිරීම් අමාත්‍ය

 

පිටපත් -:

01.සභාපති ජාතික ගමනා ගමන කොමිෂන් සභාව                  - දැ.පි/අ.ක

02.සාමාන්‍යාධිකාරී, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය - දැ.පි/අ.ක

03.ඩිපෝ අධිකාරි (වලපනේ)                                                     - දැ.පි/අ.ක

04.ගොණුවට


සංස්කාරක සටහන,

අමාත්‍යවරයා විසින් මෙම ලිපියෙහි ලංගම සභාපතිවරයාගේ නම සඳහන් කොට ඇත්තේ 'චමල් සිරිවර්ධන' ලෙස වුවද ඔහුගේ නම 'රමාල් සිරිවර්ධන' වන අතර ඒ සම්බන්ධයෙන්ද පළාත් අමාත්‍යවරයා දැනුවත්ව නොමැති බවත් මින් හැගේ.



නුවරඑළිය බස් නැවතුම්පොළේ මාර්ග අංක 626 පර්යන්තයේ අද තත්ත්වය

 

තිලක් සේනාසිංහ

IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1587

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2378

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5447

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5173

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5879

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10041

Please publish modules in offcanvas position.