Coss Ear2
lakbima.lk
COSS Ear 1

දුම්රිය වර්ජනය නිසා බස් රථ සේවා වැඩි කෙරේ

දැනට ක්‍රියාත්මක වන දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සහ දුරගමන් සේවා බස් රථ වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ප්‍රවාහන කොමිසම සහ බස්නාහිර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් දුම්රිය ධාවනය කෙරෙන ගාල්ල, මාතර, මහනුවර, බදුල්ල, කුරුණෑගල, අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මීගමුව, හලාවත, අවිස්සාවේල්ල ආදී ප්‍රදේශ දක්වා ගමන්ගන්නා මගීන්ට අපහසුවක් ඇති නොවන පිණිස එම ප්‍රදේශ දක්වා ධාවනය කෙරෙන බස් රථ ගමන්වාර අවශ්‍ය පරිදි වැඩි කොට ඇතැයි එම ආයතන වල ප්‍රකාශකයෝ කියති.

මීට අමතරව මීගමුව, නිට්ටඹුව, මහරගම, ආදී අගනුවර තදාසන්න ප්‍රදේශ දක්වාද බස් ගමන් වාර වැඩි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අප වාර්තා කරුවන් පවසනුයේ අද (12) පෙරවරුවේ ඉහත සඳහන් ප්‍රදේශ වල සිට අගනුවර දක්වා ගමන් ගන්නා බස් රථ වල දැඩි මගී තබදයක් සහ අගනුවර ආශ්‍රිත මාර්ගවල රථ වාහන තදබදයක් පැවැති අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්ව ඇති බවය.

ඒ කෙසේ හෝ අද (12) පස්වරුව වන විට ඉහත සඳහන් ප්‍රදේශ කරා බස් රථ ගමන් වාර වැඩිකිරීම හේතුවෙන් පෙරවරුවේ පැවැති මගී තදබදය දක්නට නොලැබෙනු ඇතැයි ජාතික ප්‍රවාහන කොමිසමේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීයේ නිලධාරීහු කියති.

 

දමයන්ති ගමගේ

IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1587

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2378

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5447

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5173

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5879

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10041

Please publish modules in offcanvas position.