Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජගත් නියෝජිත උපදෙස් පිළිපදින්න රජය බැඳී නැහැ

ජගත් විශේෂ නියෝජිතවරුන් දෙන උපදෙස් හෝ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට රජයන් බැඳී නොමැති බව, ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී. 
සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් මහතාගේ ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ඊයේ (11) දින  මේ බව සඳහන් කර ඇත.
ඩි ග්‍රෙයිෆ් මහතා  මෙම ශ‍්‍රී ලංකා සංචාරයෙන් පසු ලබන සැප්තැම්බරයේ, ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති නමුත් එහි   නිර්දේශ අතර ශ‍්‍රී ලංකාවේ ජනතාවට වාසිදායක යැයි රජය සලකන නිර්දේශ තිබේ දැයි තීරණය කිරීමද, ඔහුගේ දැනුමෙන්, විශේෂඥභාවයෙන් හා උපදෙස්වලින් ප‍්‍රයෝජන ලබමින් තවදුරටත් යම් ආකාරයකින් ඔහුගේ උපදෙස් පතන්නේද යන්න තීරණය කිරීමද ශ‍්‍රී ලංකා රජයට අයත් කාර්යක් වන බව මෙම නිවේදනයේ දැක්වේ.
මෙතෙක් ශ‍්‍රී ලංකාවේ බලයට පත්වූ රජයන් රැුසක්ම විශේෂිත තේමාත්මක කරුණු සම්බන්ධයෙන් මෙවැනි විශේෂ යෝජිතයන්ගේ අදහස් සහ විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා ඔවුන්ට මෙරටට පැමිණීමට ආරාධනා කොට ඇති බවත්, සම්පත් දායකයන් ලෙස පමණක් කටයුතු කරන ඔවුන්ගේ විශේෂඥ දැනුමෙන් සහ අත්දැකීම්වලින් ප‍්‍රයෝජන ලැබීමට රජයන්ට හැකියාව ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
ආයතනවල ශක්‍යතා වර්ධනය, ප‍්‍රතිපත්ති සකස් කිරීම, ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණය සහ පුහුණු අවශ්‍යතා ආදිය විෂයෙහි වාසිදායක වන ආකාරයෙන්, රජයකට අවශ්‍ය යැයි හැෙඟන පරිද්දෙන්  ඔවුන්ගේ උපදෙස් සහ විශේෂඥභාවය ලබා ගැනීමට රටවල්වලට හැකි බවද විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 
සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් මහතා ශ‍්‍රී ලංකා රජයේ ආරාධනාව මත 2017 ඔක්තෝබර් මස 10 සිට 23 දින දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙයි.
මෙම නිල සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, මධ්‍යම රජයේ සහ පළාත් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජයේ සාමාජිකයන්, ආගමික නායකයන්, විද්වතුන් සහ ශ‍්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර ප‍්‍රජාවේ නියෝජිතයන් හමුවීමට නියමිතය. 
ඔහු ත‍්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මහනුවර සහ මාතර යන ප‍්‍රදේශවලද සංචාරය කරනු ඇත.
 
පැතුම් වික‍්‍රමරත්න
IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 614

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1211

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 611

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1677

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 506

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4210

Please publish modules in offcanvas position.