Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැඳුම්කර මුදල් එ.ජා.ප.යට දුන්නේ නැහැ

අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් හෝ පර්පචුවෙල් ටේ‍රසරීස් සමාගම හෝ ඊට සම්බන්ධ කිසිවකුත් එ.ජා.ප.යේ කටයුතුවලට මූල්‍ය හෝ වෙනත් කිසිම දායකත්වයක් ලබාදී නැතැයි එ.ජා.ප. මහ‍ලේකම් කබිර් හෂීම් හා එ.ජා.ප. සභාපති මලික් සමරවික්‍රම යන අමාත්‍යවරු අද (11) බැඳුම්කර කොමිසමේදී ප්‍රකාශ කළහ.
ප්‍රශ්නගත බැඳුම්කර විමර්ශන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද (11) සාක්ෂි දුන් අමාත්‍යවරු දෙදෙනා මේ බව සඳහන් කළේ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේය. කොමිසම ඊයේ පෙ.ව. 10.00ට එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ ‍‍‍ජ්‍යෙෂ්ඨ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
කොමිසමේ ඊයේ සාක්ෂි දීමට කැඳවා සිටි අය අතරින් එ.ජා.ප. මහ‍ලේකම් හා එහි සභාපති කබිර් හෂීම් හා මලික් සමරවික්‍රම යන මහත්වරුද වූහ. කබිර් හෂීම් මහතා කොමිසමට පැමිණියේ පෙ.ව. 9.20ට පමණය. මේ දෙදෙනාගෙන්ම කොමිසම විමසා සිටියේ මහබැංකුවේ පැවැති රැස්වීමකට මොවුන් සහභාගි වූයේද එහිදී ගනු ලැබූ තීරණ කවරේද යන්න ගැනය. විශේෂයෙන්ම කොමිසම ඔවුන්ගේ ප්‍රශ්න කරනු ලැබූවේ එ.ජා.ප.යට පර්පචුවෙල් ටේ‍රසරීස් සමාගම හෝ ඊට අයත් වෙනත් ආයතන හෝ පුද්ගලයින් ආධාර අනුබල ලබා දුන්නේද යන්නය. එහිදී දෙදෙනාගේම පිළිතුර වූයේ එවැන්නක් ගැන දැන ගැනීමට නැති බවත් එවැනි ආධාර හෝ අනුබල මෙම සමාගම හෝ ඊට අදාළ කිසිවකු විසින් ලබාදී නොමැති බවත්ය.
මෙම සාක්ෂිකරුන් දෙදෙනාගෙන්ම සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ පෙ.ව. 10.00ට ආරම්භ වී පෙ.ව. 01.40ට පමණ නිමා විය. සාක්ෂි දීමෙන් නඩු කොමිෂන් ශාලාවෙන් පිටතට පැමිණ කබිර් හෂීම් මහතා සඳහන් කළේ තමන් කොමිසමට ගරු කරන බවත් කොමිසමේ කැඳවීම අනුව මෙහි පැමිණ ඊට සහය වූ බවත්ය. අපි මේ කොමිසමට කැඳවන්න එපා කියලා ජනාධිපති පිටුපස්සේ යනවා කියලා ඇතැම් අය චෝදනා කළත් එසේ කිරීමට තමන් වරදක් කර නැති බවද කොමිසම කැඳවන ඕනෑම දිනක මෙහි පැමිණ ඊට සහය වීමට තමන් සූදානම් බවද කබිර් මහතා කීවේය.
 
ජයසූරිය උඩුකුඹුර
IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1591

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2381

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5448

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5174

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5882

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10043

Please publish modules in offcanvas position.