Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ලක්බිම නව කර්තෘ සම්පත් දේශප්‍රිය

ලක්බිම ඉරිදා සංග්‍රහයේ හා දිනපතා ලක්බිම යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන සම්පත් දේශප්‍රිය මහතා පත්ව සිටී.

සුනන්ද දේශප්‍රියගේ කර්තෘත්වයෙන් ඇරඹි ‘යුක්තිය‘ පුවත්පතෙන් පත්‍ර කලාවට අත්පොත් තැබූ ඔහු 1994 දී සුමති පුවත්පත් සමාගම ලක්බිම ඉරිදා සංග්‍රහය ආරම්භ කළ අවස්ථාවේදී ආරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස ඊට එක් විය.

පාර්ලිමේන්තු වාර්තාකරණය, විශේෂාංග රචනය, දේශපාලන විශ්‍ලේෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් යටතේ දස්කම් දැක්වූ සම්පත් දේශප්‍රිය මහතා 2000 දී දිනපතා ලක්බිම පුවත්පත ආරම්භ කළ අවස්ථාවේදී සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස පත්වීම ලැබිය. ඉක්බිතිව, ප්‍රවෘත්ති කර්තෘ, සහකාර කර්තෘ, නියෝජ්‍ය කර්තෘ ආදී තනතුරු දැරූ ඒ මහතා ඉකුත් කාල සීමාව තුළදී දිනපතා ලක්බිම පුවත්පතේ වැඩබලන කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. ලක්බිම ඉරිදා සංග්‍රහයේ 'සිවුමංසල දේශපාලන තීරු ලිපියේ රචකයාද ඔහුය. මේ වන විට ලක්බිම පුවත්පත් සමාගමේ ඔහුගේ සේවා කාලය වසර 24කි.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ සම්පත් දේශප්‍රිය මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයක් ද විය.

ඔහු පානදුර ශ්‍රී සුමංගල විදුහ‍ලේ ආදි සිසුවෙකි.

Comments  

0 #1 MANJU KUMARA 2017-09-13 17:47
Quote
0 #2 Sri nimal 2017-09-13 19:46
හදවතින්ම සුබ පතනවා සම්පතා... හදවතින්ම ..
Quote
0 #3 උණුසුම් සුභ පැතුම්.. 2017-09-14 10:21
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තාත්තාගේ සංගීතයෙන් හම්බකරන අය කර්තෘභාගයවත් දෙන්නේ නැහැ

IMAGE 2017 Sep 20 16:53
ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි...
Views - 432

චූටි මැණිකේ තරම් මම අහිංසක නෑ

IMAGE 2017 Sep 19 11:43
ශලනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. දවෛනි ඉනිමේ චූටි මැණිකේ එහෙම නැත්නම්...
Views - 2692

හුලවාලි මන්ත්‍ර ගුරුකම් යනු සෙප්පඩ විජ්ජාවකි

IMAGE 2017 Sep 19 10:26
හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල...
Views - 1304

ජනාධිපති මැදුරේ අපි එක රැයක්වත් ගත කර නෑ

IMAGE 2017 Sep 18 19:35
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ...
Views - 4083

මට කිසිම සම්මාන උළෙලකට ආරාධනා ලැබෙන්නෙ නෑ

IMAGE 2017 Sep 18 19:07
“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි...
Views - 2231

විදුලි වැඩවර්ජනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බිලි ගනී

IMAGE 2017 Sep 18 12:49
මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ...
Views - 1179

Please publish modules in offcanvas position.