Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ව්‍යවස්ථාව කියවන්නැයි ජවිපෙ මහින්දට කියයි

ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ‍ලේකම්වරයා රාජ්‍ය නිලධාරියෙකුද, නොවේ ද යන්න දැන ගැනීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කියා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
එම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ රාජ්‍ය නිලධාරින් කවුරුන්ද යන්න ඉතා පැහැදිලිව අර්ථකථනය කර තිබෙන බව පැවසූ ඒ මහතා එම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ‍ලේකම් රාජ්‍ය නිලධාරියෙකු යැයි ද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.
එසේම එම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර වුවත් ජනාධිපති ‍ලේකම්වරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ නොහැකි බවත්, ලිඛිත නීතියක් අනුව කටයුතු කළ යුතු අතර ඔහුට ජාත්‍යන්තර නීතියවත් උල්ලංඝනය කිරීමට නොහැකි යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී රාජපක්ෂවරුන්ට ව්‍යවස්ථාව පිටින් දමා අල්ලස් දීමේ වරදින් බේරෙන්නට පුළුවන්කමක් නැතැයි ද පැවැසූ ඒ මහතා දැන් මේ උත්සහ කරමින් තිබෙන්නේ ව්‍යවස්ථාව පිටින් දමා ලලිත් වීරතුංග වංචාවක් කළේ නැහැ අල්ලසක් දුන්නේ නැහැ කියා කියන්නට යැයි ද පැවැසීය.
අල්ලසක් ලබා දී තිබෙන බව දැන් රටේ ජනතාවට  මනා සේ පැහැදිලි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වුවද දැන් තිබෙන ප්‍රශ්නය ඔහු ව්‍යවස්ථානුකූල හොරෙක්ද, ව්‍යවස්ථානුකුල නොවෙන හොරෙක්ද යන්න නොවන බවත්, එසේම ඔහු රාජ්‍ය සේවකයෙක් නොවෙයි කියා කිසිවෙකු කියන්නේ නම් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් මිලියන 600 ක් ගෙන සිල් රෙදි බෙදා දීමට හැකිදැයි විමසා සිටින බව ද කීය.
එසේම මහින්ද රාජපක්ෂ මහතා පවසන අන්දමට මෙය ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක කළේ නම්, එය ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නම් එය අයවැය ප්‍රකාශනයට ඇතුලත් විය යුතුව තිබෙන අතර එහෙත් අයවැය ප්‍රකාශනවල එය යෝජනාවක් ලෙස සඳහන් කර නැතැයි ද කීය.
 
පද්මිණි මාතරගේ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3833

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2936

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5826

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3512

Please publish modules in offcanvas position.

X

Right Click

No right click