Coss Ear2
lakbima.lk
COSS Ear 1

මොරටු සරසවි සුනඛ ඝාතනය ගැන උපකුලපති මෙසේ කියයි

මොරටුව විශ්ව විද්‍යාලයේ මහා පරිමාණ සුනඛ ඝාතනයක් සිදුවී ඇති බවට අන්තර්ජාලයේ පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නැතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කියයි.

මෙහිදී සිදුව ඇත්තේ විශ්ව විද්‍යාල භූමියේ සිටි අයාල සුනඛයන් 10 -15 පමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට අයිති වෙනත් පරිශ්‍රයකට ගෙන ගොස් දැමීම සඳහා නිර්වින්දනය කිරීමේ දී එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් අත්වැරදීමකින් සතුන් දෙදෙනෙකු මිය යාම පමණකැයි කී උපකුලපතිවරයා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකිරීමට නොපමාව කටයුතු කරන බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා කියා සිටියේ මීට වර්ෂ 4 කට පමණ පෙර විශ්ව විද්‍යාල භූමිය තුළ සුනඛයන් 170 පමණ ප්‍රමාණයක් සිටි බවත් එමගින් පවිත්‍රතා ගැටලු, සෞඛ්‍ය තර්ජන, සුනඛ සපා කෑම් වලට ලක්වීම් සහ දේපල වලට හානි පැමිණීම පවා සිදුව තිබූ බවය.

මේ තත්ත්වය යටතේ විශ්ව විද්‍යාලය සුනඛයන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට ගතවූ වසර කිහිපය තුළ මහත් පරිශ්‍රමයක් ගත් අතර පසුගිය කාලයේ නැවතත් සුනඛයන් 10 -15 ක  පමණ ප්‍රමාණයක් සරසවි බිම තුළ සිටීම මත සත්ව හිංසනයකින් තොරව ඔවුන් ඉවත් කිරීමේ වගකීම විශ්ව විද්‍යාලීය ආරක්ෂක අංශය වෙත පැවරූ බව  උපකුලපතිවරයා කීය.

එහිදී ඔවුන් එම සුනඛයන් නිර්වින්දනය කිරීම පිණිස ‘කෙටමීන්’ නම් නිර්වින්දක ඖෂධය භාවිතා කොට ඇති බව දැනගන්නට ලැබී ඇති අතර එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් සුනඛයන් දෙදෙනෙකු මිය ගොස් ඇති ප්‍රවෘත්තිය පමණක් සත්‍ය බව පැවසූ උපකුලපතිවරයා තමන්  උපකුලපති පදවියේ සිටින තුරු මොරටු සරසවි භූමිය අයාල සුනඛයන්ගෙන් තොර කලාපයක් කිරීම සඳහා කිසිදු සත්ව හිංසාවකට යොමු නොවන බවත් ඒ සඳහා පෙළඹවීමක් වත් නොකරන බවත් එනිසාම මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භකරන බවත් පැවසීය.

එමෙන්ම මෙම සිද්ධිය ‍මුල්කොට විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට සිදුවන හානිය පිළිබඳ තමන් බෙහෙවින් කණගාටු වන බවද උපකුලපතිවරයා කීය.

 

දමයන්ති ගමගේ{jcomments on}

IMAGE

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 1783

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 1669

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 1952

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 7449

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5835

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3510

Please publish modules in offcanvas position.