Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

උමාඔය ව්‍යාපෘතියෙන් ආගමික ස්ථාන 21කට හානි

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ ප්‍රදේශවල පුරාවිද්‍යා ස්මාරක හා ආගමික ස්ථාන 21ක් විනාශයට පත්ව ඇතැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි.
පසුගිය දින 3ක සිට අස්ගිරි විහාරයට අයත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බුදු පිළිමය, පිළිම ගෙය හා සිතුවම්ද පිපිරීම් හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. ඊට අමතරව බදුල්ල දෝව රජමහා විහාරයේ බුදුපිළිම, උමං, වළගම්බා ළිඳ, විනාශ වී ඇති අතර පන්සල ඉදිරිපිටින් බදුල්ල, බණ්ඩාරවෙල මාර්ගය ස්ථාන දෙකකින් පුපුරා ගොස් ඇතැයි ඒ මහතා පවසයි.
කැෆේ සංවිධානය විසින් තහවුරු කරන අන්දමට වටගමුව විමලගිරි විහාරය, එගොඩගම සුමනාශ්‍රමය, කුරුඳුගොල්ල, විදර්ශනාරාමය, මකුල්ඇල්ල පුරාණ විහාරය, හීල් ඔය පුරාණ විහාරය, කිරිඔරුව ආනන්දාරාමය, බණ්ඩාරවෙල පිරිවෙන බිඳුණු වැව පන්සල, පල්ලතොට ඇල්ල පන්සල, අම්පිටිය භික්ෂු ආරාමය, දික්කාපිටිය පිරිවෙන, දික්පිටිය මැද පන්සල, කුරුකුදේ පන්සල, දිගනතැන්න පන්සල, හා බණ්ඩාරවෙල සුදර්ශනාරාමය යන විහාරස්ථාන මේ හේතුවෙන් විනාශයට පත්ව ඇත. ඊට අමතරව අස්ගිරි විහාරයට අයත් ඇත්තලපිටිය ඛෙත්තාරාමය, අමුණුදෝව, රත්නායක මුදලින්දාරාමය, උළුගල රජමහා විහාරය, දෝව පන්සල, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමය ද සමග බෞද්ධ විහාර 20ක් සහ එක් මුස්ලිම් දේවස්ථානයක් මෙම ව්‍යාපෘතිය නිසා විනාශයට පත්වෙමින් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
එබැවින් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විනාශ වෙන පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක්ද යවා ඇත.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා අවම වශයෙන් එම ප්‍රදේශවල සංචාරය කොට මෙම විනාශය පිළිබඳව සොයන බැලීමක් හෝ කර නැතැයි කැෆේ සංවිධානය එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.
 
ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 251

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 441

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 309

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 5594

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 2555

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1424

Please publish modules in offcanvas position.