Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උමා ඔයේ ජල කාන්දුවක්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ සිදුවන මහා පරිමාණ ජල කාන්දුවක් නිසා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි  ඉරිතලා ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.
මෙම උ මං මාර්ගයේ ඇල්ල- කරදගොල්ල ප්‍රදේශයේදී සිදුව මෙම ජල කාන්දුව පැයකට ජල ලීටර් ලක්ෂ 36 ක් බැගින් දිනකට ජල ලීටර්  864ක් තරම් වූ විශාල ප්‍රමාණයක් බව ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා මෙම විනාශය සොයාබැලීම සඳහා කළ නිරීක්ෂණ චාරිකාවකදී ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් හෙළිකළේය.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේ උමං මාර්ගය කැනීමේදී සිදුවන පරිසර හානිය නිසා ජනතාවගේ දේපළ විනාශවීම ආදායම් මාර්ග නතරවීම හා මානසික යනාදී බරපතළ ගැටලු මතුවී ඇති බවයි.
වැලිමඩ -ඩයරඹා සිට කරදගොල්ල දක්වා වූ උමං මර්ගයේ තවත් කි.මී. පහමාරක් පමණ දුර කැනීම සිදුකීරීමට ඇති බවද ජල ප්‍රවාහය නිසා එම කටයුතු නතර වී ඇතැයිද අනාවරණය විය.
ජල ධාරාව පාලනය කිරිම සඳහා තවත් දින මාසයක් වත් ගත විය හැකි බව ඉංජිනේරුවෝ පෙන්වා දුන්හ. ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණයෙන් කියා සිටියේ වෙනත් දියුනු රටකින් හෝ තාක්ෂණික උපදෙස් ලබාගෙන කඩිනමින් මේ ජල ප්‍රවාහය නතර කිරීමට පියවර ගත යුතු බවයි.
විනාශයට ලක්වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලිද ප්‍රධාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඌව පළාත් සභා මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා නිරීක්ෂණ චාරිකාවට එක්විය.
උද්ගතව ඇති තත්ත්වය පිළිබදව ජනාදිපතිතුමා හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා දැනුවත් කර ජනතාවට ඉක්මන් සහනයක් ලබාදිමට පියවරගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වන විට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි 2600කට පමණ විවිධ ප්‍රමාණයේ හානි සිදුව ඇති බවත් මේ අතරින් නිවාස ගොඩනැගිලි  700කට හානි සිදුව ඇත්තේ ඉකුත් මාසයක පමණ කාලයක දී බවත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවැසීය.
බණ්ඩාරවෙල ලිං 2400 ,සහ දිය උල්පත් ඇල දිය දොලද සිඳි ගොස් ජනතාව උග්‍ර ජල හිගයකට මූණ පා ඇති අතර වගා බිම් සියල්ල පුරන් වී තිබේ.

සූලක්ෂ පියතිස්ස - බදුල්ල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1632

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2737

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1929

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1691

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2180

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3402

Please publish modules in offcanvas position.