lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

තැන තැන නවත්වන බස් බලපත් අවලංගුයි - ඇමැතිගෙන් උපදෙස්

නියමිත ස්ථානවලට අමතරව තැන තැන නතර කරන අන්තර් පළාත් බස් රථවල මාර්ග බලපත්‍ර ජූලි 1 දා සිට අවලංගු කරන ලෙස තමා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් දුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.පසුගිය කාලය තුළ මෙවැනි ක්‍රියා පිළිබඳව මගී ජනතාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි පැමිණිලි කර ඇති අතර මෙම ක්‍රියා නැවැත්වීම සහ මගී ජනතාවට වන අපහසුතාවයන් තවදුරටත් වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ඇමැතිවරයා පැවැසීය.
මෙවැනි බස් රථ හඳුනාගැනීම සඳහා ජාතික ගමනා ගමන කොමිසමේ විශේෂ පරීක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, එවැනි බස් රථ නිරන්තරයෙන් නතර කරන ස්ථාන හඳුනාගැනීමට සී.සී.ටී.වී. ආරක්ෂ කැමරා පද්ධති සවිකරන ලෙසටත් ඇමැතිවරයා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් දී තිබේ.එම ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවැසීය.
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව පෞද්ගලික බස් සංගම් දැනුවත් කරන ලෙසද නිමල් සිරිපාලද සිල්වා මහතා ජාතික ගමනා ගමන කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 150

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 415

තාත්තා බන්ධනයකට අහුවෙලා - වික්ටර්ගේ පුත්තු කියති

IMAGE 2017 Aug 20 12:59
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි...
Views - 3582

දරුවන්ගේ පුනරුත්පත්ති කතාවල ඇත්ත නැත්ත දැන ගන්නා හැටි

IMAGE 2017 Aug 20 11:11
දැනට දශක කිහිපයක සිට පුවත් පත් මගින් අතිශය ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා මේදින වල සමාජ ජාල...
Views - 875

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 3508

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 2244

Please publish modules in offcanvas position.