Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩෙංගු දිනපතා වාර්තාවට පංච පුද්ගල කමිටුවක්

ඩෙංගු රෝගීන් පිළිබඳව  දෛනිකව වාර්තාවක් සැකසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.
මෙම පංච පුද්ගල කමිටු වාර්තාව දිනපතාම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීමට නියමිත බවත් එම කමිටුව සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු, කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම, ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය උපුල් ගුණසේකර මහතාව ඇතුළත් කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.
මේ වන විට රට පුරා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 63,983 දෙනෙකු වන අතර මියගිය සංඛ්‍යාව 200ක් පමණ වන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
මේ තත්ත්වය ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බැවින් ඉදිරියේදී කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.පසුගියදා රට තුළ ප්‍රදේශ ගණනාවක ඇති වූ ආපදා තත්ත්වයත් සමග ඩෙංගු වසංගතය තවදුරටත් ඉහළ යා හැකි බැවින් කැළි කසළ ඉවත් කිරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට තීරණය කළ බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ශ්‍රියානි විජේසිංහ
 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5732

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3881

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5363

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6013

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6862

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4263

Please publish modules in offcanvas position.

X

Right Click

No right click