Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට (Update)

FlodNep

දින කීපයක සිට රටට බලපාන  අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇති වූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අද 27 දා රාත්‍රී 9 වන  වන විට 122කුට ජීවිත අහිමි වී, පුද්ගලයින් 92ක් අතුරුදන් වී අැතිබව අාපදා කළමණාතරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

----------------------------------------------------------------------------------------------------------------------------------

2017 මැයි 27 පස්වරු 5.00

අයහපත් කාලගුණය නිසා මිය ගිය ගනන 103 දක්වා ඉහලට. පුද්ගලයෝ 113ක් තවමත් අතුරුදහන්

 ----------------------------------------------------------------------------------------------------------------------------------

2017 මැයි 27 පෙරවරු 7.00

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අද 27 දා උදෑසන වන විට සියදෙනෙකුගේ ජීවිත අහිමි වී,99දෙනෙක් අතුරුදන් වී තවත් පවුල් පනස්තුන්දහස් එකසීය දහහතරක්  ආසන්න සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි වී තිබිණි.
විපතට පත් දිස්ත්‍රික්කවල දිසාපතිවරු පැවසූ පරිදි එම සිදුවීම්වලින් අතුරුදහන් වූ සංඛ්‍යාව පිළිබඳව ඒ වනතෙක් නිශ්චිත තොරතුරු ලැබි නොතිබුණු අතර කළුතර දිස්ත්‍රික්කයේ පමණක් (ඊයේ)26 දා වන විට 80 දෙනෙක් අතුරුදහන් වී සිටියහ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඒ වන තෙක් මිය ගිය සංඛ්‍යාව නිශ්චිත නොවන බවත් එහෙත් 13 දෙනෙකු අතුරුදහන්ව සිටින බවත් ගාල්ල අතිරේක දිසාපති කමල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
කෑගල්ල, රත්නපුර, කලුතර, ගම්පහ, මාතර, ගාල්ල, හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වය බලපා තිබූ අතර ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ කලුතර, මාතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ය. කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්ද නුවර, මතුගම, ඉංගිරිය ආදී ප්‍රදේශවලට මෙම ආපදා තත්ත්වය බලපා තිබිණි. එහි සියලු  මරණ වාර්තා වී තිබුණේ පස් කඳු කඩා වැටීම හේතුවෙනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑමක් එල්ල වූයේ කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරයට ය. නායයෑම් නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් තිබූ අතර අතිරේක දිසාපති දයානන්ද කොළඹගේ මහතා පැවසූ පරිදි,මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි ය.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 16 ට ම ආපදා තත්ත්වය බලපා තිබිණි. එහි පවුල් පන්දහස් අටසිය අසූහයකට අයත් පුද්ගලයන් විසිදහසකට අධික පිරිසකට ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබිණි. එහි පුද්ගලයන් 11 දෙනෙකු ඒ වන විට මිය ගොස් සිටි අතර දහහත් දෙනෙකු අතුරුදහන් වී සිටියහ. ගාල්ල දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 19ට ම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබූ අතර පවුල් තිස් දෙදහස් දෙසිය පහළොවකට අයත් පුද්ගලයන් එක්ලක්ෂ විසිඅටදහසක් අවතැන් වී සිටියහ.
මේ අතර කළු, නිල්වලා, ගිං ගඟ, කැලණි යන ගංගා සියල්ල අද (27) උදෑසන වන විට පිටාර ගලමින් පවතින අතර එම අවදානම පවතිනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවා ය. ඒ තත්ත්වය මත ගංගා ආසන්නයේ ජීවත් වන පවුල්වලට වහාම එම නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස රජය විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී. ගංවතුර තර්ජන ඇති ප්‍රදේශවල පාසල් වසා දමා, එම ස්ථාන අවතැන් ජනතාවට නවාතැන් ගන්නට ඉඩකඩ සලසා දෙන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලට උපදෙස් දී තිබිණි. එම ප්‍රදේශවලට අනුයුක්තව සේවය කරන සියලු රාජ්‍ය සේවකයන්ගේ හා ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබිණි. ආපදා තත්ත්වය මත සබරගමුව හා දකුණු පළාත්වල පාසල් වසා දැමීමට ද එම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කටයුතු කර තිබිණි.
ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව සහ ‍පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිති. ඉකුත් සිකුරාදා වන විට නාවික හමුදාව ඒ සඳහා ඩිංගි බෝට්ටු 21ක් සහ නාවික නිලධාරීන් 85 දෙනෙකු යොදවා ඇති අතර යුද හමුදාව සෙබළු 300ට අධික පිරිසක් සහ සන්නද්ධ රථ හයක් පමණ එම මෙහෙයුම් කටයුතු සඳහා යොදා තිබිණි. ගුවන් හමුදාව ද විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර දෙකක් යොදවා තිබිණි.
නිරිතදිග වැසි මෝසම සක්‍රීය වීමත් සමඟ ඇති වූ මෙම කාලගුණික තත්ත්වය මත (ඊයේ)26  උදෑසන 8.30 වන විට කුකුළේ ගඟ ප්‍රදේශයට මිලිමීටර 553ක වැඩි වර්ෂාපතනයක් ලැබි තිබිණි. ඊට අමතරව වීරකැටිය ප්‍රදේශයට මිලිමීටර 495.5, බටුවන්ගලට මිලිමීටර 395.6, පාදුක්කට මිලිමීටර 387.2, රත්නපුරයට මිලිමීටර 348.2 ලැබි තිබුණි. රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණ වර්ෂාපතනය, විශාල නායයෑමක් වාර්තා වූ ඉකුත් 2003 වසරේ එම දිස්ත්‍රික්කයට ලැබුණ වර්ෂාපතනයටත් වඩා වැඩි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර මහතා පැවසී ය. එම වසරේ එම දිස්ත්‍රික්කයට ලැබි තිබූ වර්ෂාපතනය මිලිමීටර 345කි. ඊට අමතරව ප්‍රදේශ බොහොමයකට මිලිමීටර සියය ඉක්ම වූ වැසි ලැබුණ බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. මෙම වැසි තත්ත්වය තාවකාලිකව අඩු වුව ද නැවත ඉදිරි දින තුළ වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව ද ජයසේකර මහතා කී ය.
ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා සහ ඔවුන්ට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ සඳහා ඉකුත් සිකුරාදා වන විටත් රුපියල් මිලියන 45ක මුදලක් මුදා හැර තිබූ බව අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ‍ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

හදිසි ආපදා තත්ත්වයන් ගැන දැනුම් දීම සඳහා දුරකථන අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 0112136226, 0112136136,0773957900 අංක පැය 24 පුරා ක්‍රියාත්මකය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ දුරකථන අංක -

කොළඹ - කේ.ඒ.නන්දසිරි මහතා (0112325511/ 0112437242/ 0778819383)

ගාල්ල - ඒ.සේදර මහතා - (0912247175/ 0771761692)

ගම්පහ - කුසුම්සිරි මහතා - (0332234142/ 0332222900/ 0771761692)

කළුතර - ක්‍රිෂාන් මහතා - (0776368763)

මාතර - විදානගේ මහතා - (0412222284/ 0718245180)

රත්නපුර - කේ.කුමාර මහතා - (0452222233/ 0452222140/ 0714408835)

ජල ගැලීම් හා ගලවා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාදීමට 0112343970 අංකයට අමතන ලෙස ගුවන් හමුදාව දැනුම්දෙයි.

ගයාත්‍රි ගීගනආරච්චි

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 160

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 191

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 297

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 440

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7060

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4632

Please publish modules in offcanvas position.

X

Right Click

No right click