Coss Ear2
lakbima.lk
COSS Ear 1

දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

මේ දිනවල සක්‍රීයවී ඇති නිරිත දිග මෝසම් සුළඟ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ මධ්‍යම සහ වයඹ පලාත් වලට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් මේ වන විටත් රත්නපුර, කළුතර කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලට ගංවතුර නාය යෑම් ඇතුළු ස්වභාවික ආපදා තත්වයක් ඇති වෙමින් තිබේ.

ඊයේ (24) පෙරවරුවේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ගාල්ල ගිංගඟ බාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.

බද්දේගම, ඉඳිගස්කැටිය ජලමාපකයට අනුව (25) අද පාන්දර 05.15 වනවිට ගිංගගෙහි ජලමට්ටම මීටර 03.00 දක්වා වැඩිවී ඇති බව ඔහු පැවසීය. බද්දේගම ප්‍රදේශයෙන් ගගෙහි පිටාර මට්ටම මීටර් 03.80කි.

නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ජලයෙන් යට වෙමින් තිබේ . ගිංගඟේ හි අතුරු ඇල මාර්ගද මේ වනවිට පිටාර ගලමින් පවතී.

එම නිසා අතුරු ඇල මාර්ග අවට සියලු පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

බෙන්තර ගඟ සහ මාදු ගඟෙහි ජලමට්ටම ද ඉහළ ගොස් ඇති බව පැවසෙයි.

ගංගා වල සහ අතුරු ඇල මාර්ග වල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ජලයට බැසීමෙන් හැකිතාක් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි .

ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට තවදුරටත් මහවැසි ඇදහැලෙමින් පවතින බව ආපදා කළමණකරන මධ්‍යස්ථානය පවසයි.

අද (25) පෙරවරු 05න් අවසන් වූ පැය 08තුළ ගාල්ල දිස්ත්‍රිකයේ වැඩිම වර්ෂාපතනය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවූ බව පැවසීය.

එය මි.මී 75 කි. 

ඊයේ  (24)  රාත්‍රියේ පැවති තද සුළං සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි රැහැන් පද්ධතියට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වි තිබේ.

දකුණු මුහුදු තීරයේ සුළඟේ වේගය වැඩිවීමත් සමඟ මුහුද රළුවිමේ අවදානමක් ඇති බැවින් ධීවර හා නාවික කටයුතු වලදී වඩාත් සැලකිලිමත් වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් සහකාර අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළු ගඟේ රත්නපුර ජල මාපකයට අනුව එය මීටර් 6.87දක්වා ඉහළ ගොස් ඇත.  එය මීටර් 7.5 දක්වා වැඩි වුවහොත් සුළු ගංගවතුර තත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරි පැය කීපය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි නිසා කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ අවට සහ පහත් බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක කර්නල් ජයසිංහ මහතා පැවසීය.

පැලවත්ත නෙළුව මාර්ගයේ ස්ථාන 12ක මාර්ගයට පස් කඳු කඩා වැටී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

පැලවත්ත ගුලනවත්ත 6කණුව ප්‍රදේශයේත් සහ යට්ටපාත 10කණුව ප්‍රදේශයේත් විශාල පස් කඳු දෙකක් මාර්ගයට කඩා වැටීමෙන් පැලවත්ත නෙළුව මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇත.

වලල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ පස් කඳු කඩාවැටීමෙන් නිවාස 7කට අර්ධ හානි සිදුවි ඇත.  

ඊට අමතර ඊයේ (24) දහවල් පැලවත්ත පහළ හෙවස්ස මාර්ගය ජලයෙන් යටව පහළ හෙවස්ස විද්‍යාලය ඇතුළු පාසල් රැසක කටයුතුවලට බාධා එල්ල විය.

පාලින්දනුවර ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ මගුරු ගඟ පිටාර ගලා බදුරලිය හැඩිගල්ල මාර්ගයේ දික්හේන ප්‍රදේශය ජලයෙන් යටී ඇත.  හැඩිගල්ල ශ්‍රී විපුලසාර විහාරස්ථානය අසල පස්කන්දක් කඩා වැටී ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. මගුරුගඟ, පැළැන් ගඟ, වේ ගඟ, කුකුළේ ගඟ හා කළුගඟේ ජල මට්ටම ඊයේ (24) හවස වන විට ඉහළ යමින් තිබූ අතර ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස සියලු ප්‍රාදේශීය ‍ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් හා ආපදා නිලධාරීන්ට උපදෙස් දී අවශ්‍ය පියවර ගත් බවද කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා කීය.

මේ අතර ඊයේ කැළණි ගගේ නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 1.75 අගයක් ගත් අතර දැනට පවතින ජල මට්ටම ඉහළ යාම අනුව අඩි 5 දක්වා වැඩි වීම සුළු ගං වතුර තත්වයක් වශයෙන් හැඳින්විය හැකි යැයි වාරිමාර්ග දේපාර්තමේන්තුව කියයි.  

මේ අතර රත්නපුර දිස්ත්‍රිකයේ රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඇළපාත, ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම්කො ට්ඨාශ තුළත් කෑගල්ල දිස්ත්‍රිකයේ බුලත්කොහුපිටිය, දෙහිඹ්විට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළත් නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් තත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා කියයි.

දමයන්ති ගමගේ / අනුර ලියනගේ-හබරාදුව/සරත් කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත{jcomments on}

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත-  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3625

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2404

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3562

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2123

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7206

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4433

Please publish modules in offcanvas position.