Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොලිතින් කෑ ඇතින්න දෙලොවක් අතර

පොලිතින් මෙන්ම කැළි කසල ආහාරයට ගත් ඇතින්නක් අසාධ්‍යව පොලොන්නරුව ගල්ලෑල්ල කුණු ගොඩ අසල වැටී සිටියදී 22 වැනිදා සවස හමුවූ  බව පොලොන්නරුව වනජීවි නිලධාරීහු පවසති.

අවුරුදු 35 ක් පමණ වයසැති ‍එම ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සමීර කිළිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කිරීම 22 සවස ආරම්භ කළහ.

වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා පැවසුවේ මෙම ඇතින්න ද අධික ලෙස පොලිතින් කැළිකසල ආහාරයට ගැනීමෙන් ඒවා බහිස්ස්‍රාවීය ප්‍රදේශයේ සිර වී අසාධ්‍යව වැටී සිටින බවයි.

ඇතින්නට ඊයේ (22) සවස සේලයින් 15 ක් හා ප්‍රතිකාර ලබා දී පොලිතින් කිලෝ එකක් පමණ ඉවත් කෙ‍රූ බවත් තවත් ප්‍රතිකාර කර විශාල පොලිතින් ප්‍රමාණයක් අද (23) ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇතින්න සුවපත් කිරීම විශ්වාස කළ නොහැකි බවද සමීර කිළිඟුආරච්චි මහතා අප කළ විමසීමකදී පැවසීය.


මීට මාස කිහිපයකට ඉහතදී ද පොලිතින් කුණු ආහාරයට ගත් අලියෙකු මෙම කුණු ගොඩ ආසන්නයේ මිය ගිය අතර පොලිතින් කැළි කසල ආහාරයට ගත් අලි දස දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

පොළොන්නරුව නගරයෙන් සහ රෝහල ඇතුළු අවට ප්‍රදේශවලින් බැහැර කරන පොලිතින්, අපද්‍රව්‍ය තමන්කඩුව ප්‍රාදේශීය සභාව මගින් එකතුකර ගෙනවිත් බැහැර කරන්නේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයට බවද ප්‍රදේශවාසීහු පෙන්වා‍දෙති.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරසරන අලි එම කුණු පොලිතින් ආහාරයට ගැනීමට හුරු වී ඇති බවද පවසන වනජීවී නිලධාරීන් ඊට විකල්පයක් ලෙස කුණු ගොඩ වටා වැටක් ඉදිකරන බව වැඩිදුරටත් පැවසීය.



මනම්පිටිය - නිමල් ජයරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics