Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෛද්‍ය වර්ජනයෙන් ලක්ෂ දෙකකට පීඩා

දිවයිනපුරා රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු මහත් අපහසුවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.රෝහල්වල බාහිර රෝගී අංශය හා සායන කටයුතු මුළුමනින්ම ඇණහිටීම හේතුවෙන් රෝගීන් ලක්ෂ 2කට පමණ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වී ආපසු හැරී යාමට සිදුවූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
සැළසුම් කළ සැත්කම් 60,000ක් පමණ දිනය තුළ ඇනහිටීම හේතුවෙන් රෝගීන්ට මහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවූ බවද පැවැසේ.කෙසේ නමුත් වර්ජනය පැවැති සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් කණ්ඩායම් යෙදවීමට කටයුතු  කළ බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැසීය.
වෛද්‍යවරුන් ඊයේ දිනය තුළ පැය 4කට සීමා කර තිබූ සංකේත වැඩ වර්ජනය සංගමයේ සාමාජිකත්වයේ දැඩි ඉල්ලීම මත පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවද වෛද්‍ය ආනන්ද මහතා පැවැසීය.
සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දී තුවාල සිදුකිරීම සහ අත්අඩංගුවට ගැනීම, වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීම, සයිටම් ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂ සමීර සේනාරත්න මහතාට වෙඩි තැබිමේ ජවනිකාව පිටුපස සිටින පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම, වෘත්තීය සමිති නායකයින්ව මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ හා සයිටම් ආයතනයේ සිසුන්ගේ පුහුණුව සඳහා රජයේ රෝහල් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයන්ට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බව සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත් රජය සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට හේතු වූ ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම් ලබන 29 වෙනිදා අනෙකුත් වෘත්තීය සමිති සමග එක්ව අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බවටද සංගමය අනතුරු අඟවා සිටියි.

ශ්‍රියානි විජේසිංහ,ජේ.එම්. මහරූෆ්, නඳුන් ගුණතිලක - බිබිග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3972

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3717

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6786

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4193

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2616

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3422

Please publish modules in offcanvas position.

Web Analytics