Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නව කොමිෂන් සභා පවතින්නේ අත්හදා බැලීම් තත්ත්වයෙන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහිකරන ලද නව ස්වාධීන කොමිෂන් සභා පවතින්නේ අත්හදා බැලීම් තත්ත්වයෙන් වැනි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධීන කොමිෂන් සභා පත් කළ නමුත් එහි පවතින ප්‍රමාදය පිළිබදව කරුණු විමසීම සදහා තමන් පසුගියදා එහි ප්‍රධානීන් කැදවා සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන 70ක වියදමින් ඉදිකරන ලද ගලගෙදර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුවූ අතර එහිදී ඔහු මේ බව කීවේය.

ස්වාධීන කොම්ෂන් සභා නමයෙහිම සභාපතිවරු, ලේකම්වරු කැදවා සාකච්ඡා කළ බවත් එහිදී ගැටලු රැසක් සමාලෝචනය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කොමිසන් ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු, ගැටලු, වැඩකටයුතු ප්‍රමාදවීමට හේතු, අරමුණු කරා යාමට ඇති බාධාවන් හා විසදුම් පිළිබදව මෙහිදී අවධානය යොමු කළ බව ඒ මහතා කීවේය.

ස්වාධීන කොමිෂන් සභා කාර්යක්ෂම හා විධිමත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවන බවත් එම කටයුතු විධිමත් කිරීම පිළිබදව ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් හා අදාල අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කළ බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු තහවුරු කිරීම සදහා රජය බලයට පත්වූ බවත් 18වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මෙරට ජනතාව ලබන විශිෂ්ඨතම ජයග්‍රහණය වන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7378

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics