Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පැය 4 වෛද්‍ය වර්ජනය පැය 24ක් වෙයි

දිවයිනේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හෙට (22) දිනයේදී පැවැත් වීමට නියමිත පැය 4ක් වැඩ වර්ජනය පැය 24ක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
 
වෛද්‍යවරුන් විසින් හෙට දිනයේදී පැවැත්වීමට තීරණය කළ පැය 4ක වැඩ වර්ජනය සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු යපහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් වර්ජනය මෙසේ දීර්ඝ කරන ලෙස ශාඛා සමිති නියෝජිතයින් ඒකමතිකව තීරණය කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරයි.
 
සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණ කළ විශ්ව විද්‍යාල සිසුන්ට රජය විසින් පහර දී තුවාල සිදු කිරීම සහ අත් අඩංගුවට ගැනීම, වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම, සයිටම් ආයතනයේ හිටපු විධාය අධ්‍යක්ෂ සමීර සේනාරත්න මහතාට වෙඩි තැබිමේ ජවනිකාව පිටුපස සිටින පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම, වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල හා සයිටම් ආයතනයේ සිසුන්ගේ පුහුණුව සඳහා රජයේ රෝහල් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණයන් ට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනය පවත්වන බව හෙතෙම පැවසීය.
 
මෙම සංකේත වැඩ වර්ජනය සඳහා යම් ප්‍රතිචාරයක් රජය නොදක්වන්නේ නම් ලබන 29 වෙනිදා විදුලිය, තැපැල්, ඛනිජ තෙල්, ජලය, ඇතුලු වෘත්තීය සමිති ගණනාවක් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක ඇරඹීමට සංගමයේ විධායක කමිටුව තීරනය කල බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
 
වෛද්‍යවරුන්ගේ වැඩ වර්නය රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම පිළිකා රෝහල, වකුගඩු ඒකක තුළ ක්‍රියාත්මක නොවන බවද හෙතෙමෙ පැවසීය.
 
මෙම වැඩ වර්ජනය පැවතිය ද රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු කිරීමට සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇතැයිද පැවසේ.
 
ශ්‍රියානි විජේසිංහ 
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3824

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2933

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4403

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5034

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5821

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3506

Please publish modules in offcanvas position.

X

Right Click

No right click