Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

වත්තල, ජා-ඇල, මීගමුව, රාගම, ගම්පහ ඇතුළු ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවකට ඉදිරි දින හෝ සති කිහිපය තුළ බරපතල ගංවතුර උවදුරක් එල්ල විය හැකි බවට ජා-ඇල පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය ප‍්‍රකාශ කරයි. මේ දිනවල සක‍්‍රිය වෙමින් පවතින නිරිතදිග මෝසම් සමයත් සමඟ ගම්පහ දිස්ත‍්‍රික්කයට ලැබෙන අධික වර්ෂාපතනය මෙම ආපදා තත්ත්වයට මුල් විය හැකි අතර ඉහත ප‍්‍රදේශයන් හි සිදු වී ඇති අනවසර ඉඩම් ගොඩකිරීම්, කැලි කසල අපහරණය ඇතුළු සෙසු පාරිසරික ව්‍යසන ද මෙම ආපදා තත්ත්වය ප‍්‍රබල කිරීමට හේතු වී ඇති බව එම සංවිධානය කියයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ බටහිර අන්තයෙන් මුහුදට වැටෙන කැලණි ගඟ, දඬුගම් ඔය හා ජා-ඇල ලෙසින් මීගමු කලපුවට වැටෙන අත්තනගලූ ඔය සහ ඌරුවල් ඔය යන ගංඟා ඔස්සේ මේ කාලයට අධික ජල ප‍්‍රවාහයක් ගලා බසී. එහෙත් මීට කලකට පෙර ගම්පහ දිස්ත‍්‍රික්කයේ් බටහිර අන්තයේ පිහිටි මුතුරාජවෙල ඇතුළු ගංවතුර පිටාර කලාපයන් හි දින සති ගණන් රැදී තිබූ එම ජල ධාරිතාවට අද වන විට රැදී පැවතීමට ස්ථාන අහිමි වීම මෙම ගංවතුර උවදුරට මූලික හේතුවකි. එම තෙත් බිම් පස් පිරවීම, කසල අපහරණය වැනි අවභාවිතයන් සඳහා යොදා ගෙන ඇති බැවින් පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර එම ප‍්‍රදේශවල ගංවතුර මට්ටම වඩාත් ඉහළ යනු ඇතැයි එම සංවිධානය පවසා සිටී.

සීදුව, කොටුගොඩ, දෙහියාගාත, ජා-ඇල, දෑලතුර, බෝපිටිය, උස්වැටකෙයියාව, කෙරවලපිටිය ආදිය මෙවර ගංවතුරට පහසුවෙන් නතුවිය හැකි ප‍්‍රදේශ ලෙස හඳුන්වාදෙන එම සංවිධානය වෙනත් පාරිසරික ව්‍යසනයන් මුල්කොට ගෙන ගම්පහ දිස්ත‍්‍රික්කයේ මෙතෙක් ගංවතුරට හසු නොවූ ඉහළ ගංඟාධාර ප‍්‍රදේශ ද මෙවර ගංවතුර අවදානමට ලක්වී ඇති බව පැවසෙයි. දිස්ත‍්‍රික්කයේ උතුරු මායිම වන මා ඔයේ නිම්න ප‍්‍රදේශ කිහිපයක් මහා පරිමාණ පස් ඉවත් කිරීම නිසා එම ගංවතුර අවදානමට ලක් විය හැකි බව නිරීක්ෂණය වී ඇත.

මේ තත්ත්වය යටතේ ගම්පහ, මීගමුව සහ රාගම නගර සීමා ප‍්‍රදේශ තුළ පදිංචිකරුවන්ට පවා සැලකිය යුතු හානි සිදුවිය හැකි බවත් ඉහත සඳහන් සියලු ප‍්‍රදේශවල ජනතාව දැනුවත්ව හිඳීමෙන් එම උවදුරු අවම කර ගත හැකි බව එම සංවිධානය පවසයි.

එමෙන්ම එම ප‍්‍රදේශවල ග‍්‍රාමනිලධාරිවරුන්ගේ සිට ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කළමනාකරණ කමිටු සාමාජිකයන් දක්වා ඒ සම්බන්ධයෙන් දක්වන පෙර සූදානම මත ද මෙම ආපදා අවම කරගත හැකි යැයි  ජා-ඇල පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය පෙන්වා දෙයි.

ප‍්‍රසංග පෙරේරා, ජා-ඇල

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 180

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3477

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2126

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3820

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6394

Please publish modules in offcanvas position.