Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමැති කූට්ටම අනයි

ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීමට නියමිතය. ඒ අනුව ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය  කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඕස්ට්‍රේලියා සංචාරය සඳහා මෙරටින් පිටත්ව යාමට ප්‍රථම කැබිනට් සංශෝධනය කරනු ඇත.
ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ එකඟතාවය මත කෙරෙන ඇමැති මණ්ඩල සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද අමාත්‍ය ධුරවල වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිතය.ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආර්ථිකකරණයට ලක් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස වත්මන් මුදල් අමාත්‍යවරයාට කැබිනට් සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධුරය පිරිනමනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන කිහිපයක් අග්‍රාමාත්‍යවරයා ඇමැති ධුරය දරන ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පැවැරීමෙන් පසු මුදල් අමාත්‍ය ධුරයට මංගල සමරවීර පත් කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර වෙනස් වීමේදී මහින්ද අමරවීර හා සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන්ගේ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලසන්ත වීරකුලසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2976

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1808

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1390

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3537

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5980

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5243

Please publish modules in offcanvas position.