Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩෙංගු මර්දනයට ජාතික වැඩපිළිවෙළක්

ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජූනි 01 දා සිට ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩෙංගු කාර්ය සාධන බලකා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 
ජූනි 01 වනදා සිට මාස 03 ක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඩෙංගු කාර්ය සාධන බළකාය සමග ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා තම සමාජ වගකීම ඉටුකරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම දේශපාලනඥයන්ගෙන් ද ඉල්ලා සිටියේය. එමෙන්ම ඩෙංගු මර්දනය සඳහා දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වලට අවශ්‍ය පහසුකම් සපුරා දෙමින් සිය සක්‍රිය දායකත්වය ඒ වෙනුවෙන් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඩෙංගු මර්දනයට අදාළව දැනට ගෙන යන වැඩසටහන්වලදී මතුව ඇති ගැටලු පිළිබඳ ලිඛිත වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශයේ ආයතනික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍ර‍ලේඛ කිහිපයක් ඉදිරියේදී නිකුත් කරන අතර ඒ පිළිබඳ පෞද්ගලික අංශයද දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන ස්ථානවල ජලය එක් රැස්වී තිබිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දෙනු ලැබිය.
එමෙන්ම සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල සෑම සතියකම තෝරා ගත් දිනකදී පැයක කාලයක් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය බැක්ටීරියාව නිපදවීමේ කටයුතු ශ්‍රී ලංකාවේ අදාළ සමාගම් හරහා නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරව ජනමාධ්‍ය හා ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
පරිසර ‍පොලීසිය දැනට වඩා කාර්යක්ෂම හා ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා යෙදවීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඩෙංගු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දීර්ඝ කාලයක සිට ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වැඩ පිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමටද උපදෙස් දුන්නේය.
ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල මතුව තිබෙන තදබදය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රාගම හා කළුබෝවිල රෝහල් සඳහා තාවකාලික ගොඩනැගිලි ලබාදෙමින් එම රෝගීන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නා බවයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලදීද ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් එම කටයුතු ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා හදිසි තත්ත්වයක් සේ සලකා මෙම වැඩසටහන සඳහා සියලු දෙනා ඒකරාශී වීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
එමෙන්ම ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් පිළිබඳ ඉල්ලීම් කළ විට ඒ සඳහා අවශ්‍ය පියවර මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ද, ජනාධිපති ‍ලේකම් පී. බි. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ‍ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
පානුක රාජපක්ෂ/ ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3123

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2967

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6015

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3594

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2183

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2997

Please publish modules in offcanvas position.

Web Analytics