Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපති අගමැති කටවුට් යට මහාපරිමාන තිරුවානා ජාවාරමක්

ජනපති හා අගමැති කාර්යාලවලට යැයි පවසා ජනපතිගේ සහ අගමැතිගේ විශාල ප්‍රමාණයේ කටවුට් මහජනයාට දක්වමින් දිඹුලාගල වෙහෙරගල පිහිටි එකම දුර්ලභ හා ස්වභාවික සුදු තිරුවානා ගල් නිධිය කිසියම් සංවිධානාත්මක පිරිසක් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මහාපරිමානයෙන් විනාශ කරන බවට තොරතුරු ලැබී ඇත. එම ගල් කුඩා කැබලි වලට කොටස් කර විදෙස් රටවලට අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව  ප්‍රදේශයේ මහවැලි ගොවීහු පවසති.

වෙහෙරගල කැකුළුවෙල අංක 33 ලිපිනයේ පදිංචි 68 වියැති සිව්දරු පියෙකු වන ඩී.එම් කරුණාරත්න මහතාගේ කුඹුරටද හානි සිදුවන අයුරින් ඒ අසල පිහිටි මෙම සුදු තිරුවානා නිධිය 2017 .01.28 දින සිට ජාවාරම් කරුවන් පැල් බැඳගෙන දිවා රාත්‍රී එම සංහාරයේ යෙදීමෙන්  විශාල පරිසර හානියක් සිදුකර තිබෙන බවද ගම්වාසීහු පෙන්වා දෙති.


කිසිදු අවසරයකින් තොරව තම කුඹුරු ඉඩමෙන්ද කොටසක් අල්ලාගෙන සිදු කරන මෙම ජාවාරම පිළිබඳව සියලු අදාල බලධාරීන්ට ලිඛිතව දන්වා ඇතත් ඊට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ඩී.එම්.කරුණාරත්න මහතා පැවසීය.

මෙම තත්ත්වය මත තමන් වසර 27 ක් අස්වද්දවා වී ගොවිතැන කරගන ගිය කුඹුර ද අහිමිවීමේ බරපතල අසාධාරණයක් සිදුවන බවද ජනපති - අගමැතිවරයාගේ රූප ඇතුළත් විශාල කටවුට් ජනතාවට ප්‍රදර්ශනය වන සේ ඔවුන් නවාතැන් ගෙන සිටින පැල්පතේ වහලයට දමා ඇති බවද කරුණාරත්න මහතා ඇතුළු ගෙවහු පෙන්වා දෙති.

තම කුඹුරේ ලියද්දක විශාල ළිඳක් හාරා දෝනාවක් අයුරින් එම ළිඳ සකසා ඇති බවත් මෙම සුදු තිරුවානා ගල් කන්ද ඉවත් කිරීමේ ජාවාරම නැවැත්වීමට කටයුතු නොකළහොත් ගම්මුන් සමග එක්ව දැඩි විරෝධතාවක් සිදුකර උපවාසයක් ආරම්භ කරන බවත් කරුණාරත්න මහතා සඳහන් කරයි.

අප මේ පිළිබඳව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.ජලදීපන් මහත්මියගෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ එම කැණීම් කටයුතු කිරීමට පරිසර බලපත්‍රයට තමන්ගෙන් අවසරය ගෙන නොමැති බවත් මහජන විරෝධතා මැද එය විසදුමකට එන තෙක් තිරුවානා ඉවත් කිරීම නතර කර ඇති බවත්ය.

කෙසේ වෙතතත් මේ වන විට ද යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මහාපරිමානයෙන් තිරුවානා ගල් කන්ද විනාශ කරමින් පවතී.

මහවැලි ‘සී’ කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර කේ.ඒ.සී. විමල් කුමාර මහතාගෙන් අප මේ පිළිබඳව  කළ විමසීමේදී ඔහු පැවසුවේ ඊට අවසරය ලබා  දී ඇත්තේ මහවැලි හිටපු නිලධාරීන් බවත් තමා එම විනාශය නතර කිරීමට මැදිහත් වන අතර ඒ ගැන වහාම සොයා බලන බවත්ය.






මනම්පිටිය - නිමල් ජයරත්න

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1693

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2060

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4882

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2903

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1672

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2545

Please publish modules in offcanvas position.

Web Analytics