Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගම්පහ ටියුෂන් ජෝඩු අටක් පොලිස් භාරයට

ඉරිදා දිනයේ අමතර පන්තිවලට සහභාගි වීම සඳහා යැයි පවසමින් නිවෙස්වලින් පැමිණ ගම්පහ ඔරුතොට ඇවිදින මංතීරුවේ අශෝබන ලෙස  හැසිරෙමින් සිටි තරුණ ජෝඩු අටක් ගම්පහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි කාර්යාල නිලධාරීහු පසුගිය ඉරිදා  පොලිස් භාරයට ගත්හ.

ගම්පහ ඔරුතොට ඇවිදින මංතීරුවට ව්‍යායාම කිරීමට පැමිණෙන අයට හා ඔවුන් සමග පැමිණෙන දරුවන්ට යහපත් මානසිකත්වයකින් එම ක්‍රියාව කර ගැනීමට නොහැකි වන ලෙස පෙම් ජෝඩු හැසිරෙන බව ‍පොලීසියට  වරින් වර වාර්තා වී තිබිණි.

ඒ අනුව ගම්පහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ‍පො.ප. ඉඳුනිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සෝදිසි කිරීම කර තිබේ.

‍පොලීසිය එම ස්ථානයට එන විට මංතීරුවේ උණ පඳුරු අතර මෙම ජෝඩු රිසි සේ පෙම් සුව විඳිමින් සිට ඇත.

මේ සියලු දෙනා උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් බව පැවසේ.

ඔවුන් මිනුවන්ගොඩ, කිරිඳිවැල, වීරගුල ප්‍රදේශවල සිට ගම්පහ ටියුෂන් පන්ති වලට පැමිණ තිබේ.

‍පොලීසිය මෙම සිසු ජෝඩුවලට මෙහි ඇති බැරෑරුම්කම හා ඔවුන්  විවිධ අපරාධවලට ලක්වීමට තිබෙන අවදානම, ගම්පහ අවට සිදුවන අපචාරවලට මෙම දරුවන් ගොදුරු වීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ දේශනයක් ලබා දී තිබේ.

පසුව දෙමාපියන් ගෙන්වා දරුවන්ගේ  එම ක්‍රියාවන් පහදා දී තම දරුවන් පිළිබඳ මීට වඩා සැලකිලිමත් වන ලෙස අවවාද කොට දරුවන් භාරදුන් බව ‍පොලීසිය පවසයි.

ගම්පහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ‍පො.ප. ඉඳුනිල් සිල්වා, ‍පො.කො. (82209) ඉන්දික, සේනාධීර (2212), වසන්ත (70823), විතාන (53822) මාරසිංහ, (42029) කෙහෙලිය යන නිලධාරීහු  මෙම සෝදිසි මෙහෙයුම කළහ.

ගම්පහ නගරයේ ටියුෂන් ආශ්‍රිතව පවත්නා මෙම ලිංගික උප සංස්කෘතිය පිළිබඳව මෑත භාගයේ මුලින්ම අනාවරණය කරන ලද්දේ ලක්බිම ඔන්ලයින් මගිනි.

සුසන්ත අබේරත්න- ගම්පහ

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3127

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2971

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6022

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3595

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2187

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3003

Please publish modules in offcanvas position.

Web Analytics