Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උ.මැ. මහ ඇමැතිට එරෙහි පෙත්සම ප්‍රතික්‍ෂේප වෙයි

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පිළිබඳව තිබූ විශ්වාසය කඩවී ඇති නිසා ප්‍රධාන අමාත්‍ය ධුරය වැඩිම මනාප ලබාගත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රන්ජිත් සමරකෝන් මහතාට නැවත ලබා දෙන්නැයි කියමින් උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැරලිකාර මන්ත්‍රීවරුන් 17 දෙනකු ඉදිරිපත් කළ පෙත්සම බාර ගැනීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බි. දිසානායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා අත්තනෝමතික ලෙස අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා වර්තමාන ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම මත තිබූ විශ්වාසය මුළුමනින්ම කඩවී ඇති බව කියමින් මන්ත්‍රී කණ්ඩායම හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රන්ජිත් සමරකෝන් මහතාට නැවත ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම සමග දිවුරුම් ප්‍රකාශ 17 ක් ඉදිරිපත් කළහ.
උතුර මැද ආණ්ඩුකාර පී. බි. දිසානායක මහතාගේ නිල නිවස වෙත ගිය මන්ත්‍රී කණ්ඩායම අදාළ පෙත්සම බාරදීමට උත්සාහ කළත් ඉහළින් ලැබි ඇති නියෝගයක් නිසා පෙත්සම හා දිවුරුම් ප්‍රකාශ තමන්ට බාරගත නොහැකි බව ආණ්ඩුකාරවරයා පැවැසීය.
තමන් රැගෙන ආ පෙත්සම සහ දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුකාරතුමන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව මාධ්‍යයට දැනුම් දෙන බව මන්ත්‍රී කණ්ඩායම පැවැසූ අතර ඒ පිළිබඳව ගැටලුවක් නැතැයි ආණ්ඩුකාරවරයා ඔවුන්ට පවසා තිබුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 21 දෙනකු උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී ධුර හොබවන අතර ඉන් 17 දෙනකු ප්‍රධාන අමාත්‍යවරයා කෙරෙහි තිබූ විශ්වාසය කඩවී ඇති බව කියමින් පෙත්සම ඉදිරිපත් කිරීමට එක්ව කටයුතු කළහ.
අමාත්‍ය හේරත් බණ්ඩා සේමසිංහ, ආර්. එම්. පී. බි. රත්නායක, කේ. එච්. නන්දසේන, එස්. එම්. රන්ජිත් සමරකෝන්, ටී. එම්. ආර්. සිරිපාල, ජයන්ත මාරසිංහ, ගමගේ වීරසේන, සුසිල් ගුණරත්න, ජනක් මහේන්ද්‍ර අධිකාරී, ජී. ජී. චන්ද්‍රසේන, සරත් ඉලංගසිංහ, උපාලි විජේකෝන්, කේ. පී. එස්. කුමාරසිරි, අමරකීර්ති අතුකෝරල, පී. බි. කුමාර, අබ්දූල් හුසේන් යන මන්ත්‍රීවරුන් පෙත්සම හා දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුකාරවරයාට බාරදීම සඳහා එක්ව සිටි අතර පෙත්සමට සහය දැක්වූ මන්ත්‍රීනි කල්‍යාණි කරල්ලියද්ද මහත්මිය ඒ සඳහා නොපැමිණියාය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3970

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3715

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6785

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4192

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2615

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3421

Please publish modules in offcanvas position.

Web Analytics