Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගීතාගේ පෙත්සම විභාගයට තීරණයක්

තමා මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබාදුන් නියෝගය අවලංගු කරනා ලෙස ඉල්ලා ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අභියාචනාධිකරණය විසින් නිකුත් කොට ඇති නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 12 වැනිදා නිකුත් කළ නියෝගය දීර්ඝ කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
ගීත කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම ඊවා වනසුන්දර, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. ඊයේ පෙරවරු 11.00ට සලකා බැලීම ආරම්භ කළ එම පෙත්සම පස්වරු 3.30 දක්වා කැඳවිණි. පස්වරු 3.30ට පමණ අධිකරණ ශාලාවෙන් ඉවත්වි විනිසුරු නිල මැදිරියට ගොස් පැවැත්වූ කෙටි සාකච්ඡාවකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පෙන්වා දුන්නේ එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අභියාචනාධිකරණය විසින් ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා ලබාදුන් නියෝගය අත්හිටුවීමටද තම විනිසුරු මඩුල්ල බහුතර කැමැත්ත මත නියෝග කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්රී-නී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචනය අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුණි. දීර්ග විභාගයකින් අනතුරුව නඩු විභාගය සැප්තැම්බර් 25 ට කල් තැබිණි.



නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

සටහන හා ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1835

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2163

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4970

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2963

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1721

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2599

Please publish modules in offcanvas position.

Web Analytics