lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ස්වභාවික ආපදා සමයක් අත ළඟ

ලබන 20 වන දින  හෝ ඊට ආසන්නතම දිනයක ශ්‍රී ලංකාව තුළට පිවිසෙන නිරිතදිත මෝසම් සුළං ප්‍රවාහය මුල්කොට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ බොහොමයකට වැසි සහිත තත්ත්වයක් උද්ගතවිය හැකි යැයි කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා ලක්බිම ඔන්ලයින් වෙත කීය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම ප්‍රදේශ කෙරෙහි බලපවත්වන මෙම මෝසම් සමය ආරම්භයේදීම ගංවතුර, සුළි කුණාටු, නාය යෑම් වැනි ආපදා තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු යැයි ඒ මහතා කියයි.

පසුගිය නිරිතදිග ‍මෝසම් සුළං සමයේ ආරම්භයත් සමගම වාර්තා වූ අරණායක සාමසර කන්ද නායයාම අගනුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනකට බලපෑ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් මෙවරද  ඇතිවිය හැකි බැවින් එමගින් ඇති විය හැකි ස්වභාවික ව්‍යසන පිටුදැකීමට හා අවම කිරීමට අදාල වගකිවයුතු අංශද සූදානමින් සිටිය යුතු බව අබේසිංහ මහතාගේ මතයයි. එමෙන්ම ගංවතුර අවදානමට ලක්ව ඇති පහත් බිම් වල සහ නාය යාමේ අවදානමක් සහිත කඳු ප්‍රදේශවල ජීවත්වන ජනතාව  ඒ සම්බන්ධයෙන් නිරතුරු විමසිලිමත්වීමත්, පූර්වාරක්ෂාකාරී පියවර ගැනීමත් ඉතා වැදගත් බව ද කාලගුණ විද්‍යාඥ අබේසිංහ මහතා පවසයි. 

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 699

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1630

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 528

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1458

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3231

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.