Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් ආයතනයට නව බඳවා ගැනීම් තහනම් - රජයෙන් උපදෙස්

සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස රජය විසින් සයිටම් ආයතනයේ කළමානාකාරිත්වයට දන්වා තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරනතෙක් මෙසේ නවක සිසුන් බඳවා ගැනීම නතරකරන ලෙස රජය විසින් එම ආයතනයෙන් ඉල්ලීමක් කළ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා  මෙම ඉල්ලීම කළ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඹ කොටස් වෙළෙඳ  ‍පොළේ ලැයිස්තු ගත කිරීම මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩලය පත් කිරිම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති නිසා ඒ සඳහා යම් කාලසීමාවක් අවශ්‍ය බවද ඇමැතිවරයා පැවැසීය.
විශේෂයෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම කඩිනම් කළයුතු බවත්,  ඉදිරි මාස දෙක ඇතුළත එම කටයුතු කිරීමට බලා‍පොරොත්තු වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 
 
පානුක රාජපක්ෂ{jcomments on}

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1937

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1048

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4995

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2873

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4951

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6171

Please publish modules in offcanvas position.