Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිදහස් වෙළෙඳ සබඳතා දෙරටටම වාසියි - ඉන්දීය අගමැති

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශක්තිමත්ව ගොඩනැගෙමින් පවතින ආර්ථික හා දේශපාලනික සබඳතා දෙරටෙහිම ජනතාවගේ සුබසිද්ධිය පිණිස වනු ඇති බවත්, ශ්‍රී ලංකාව ගොඩනැගීමට සහායකයකු හා මිතුරෙකු ලෙස ඉන්දියාව ඉදිරියටත් ළඟින් සිට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 12 දින ආරම්භ කෙරුණු ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.බුදු දහම සහ එහි ඉගැන්වීම් දෙරටේ ආණ්ඩුකරණයෙහිලා සංස්කෘතිමය හා දාර්ශනික වශයෙන් ගැඹුරින් බැඳී තිබෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
එළඹෙන අගෝස්තුවේ සිට ඉන්දියාවේ වරණාසියේ සිට කොළඹ දක්වා කොළඹ දක්වා ‘එයාර් ඉන්දියා’ සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන්ට පහසුවෙන්ම බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
දෙරට අතර නිදහස් වෙළෙඳ සබඳතා ගොඩනැගීම හරහා දෙරටටම වාසි අත්වන බවත්, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණුවීම ඉන්දියාවටද අතිශයින් වැදගත් වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
 වසර දෙදහස් පන්සියයක් පැරණි වුවද, බුදුන් වහන්සේගේ පණිවුඩය 21 වන සියවසටත් වලංගු බව එම වටිනාකම් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1832

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2162

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4969

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2962

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1720

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2598

Please publish modules in offcanvas position.

Web Analytics