Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙසක් සිරියෙන් රටම පිබිදේ

වෙසක් මංගල්‍යය වෙනුවෙන් මෙවර කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන වෙසක් තොරණ 9 ක් සහ බෞද්ධාලෝක වෙසක් කලාපය ඇතුළු වෙසක් කලාප රැසක්ද පැවැත්වෙයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 16 වන වරටත් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපය කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව අරලියගහ මන්දිරය හා ගංගාරාමය සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයද, ‍ලේක්හවුස් ආයතනය විසින් සංවිධානය කරන වෙසක් කලාපය එම ආයතනය ඉදිරිපිට මාර්ගයේද, සිරස ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය කොළඹ බේබෘෘක් පෙදෙසේදීද පැවැත්වේ.
මීට අමතරව දියවන්නා වෙසක් කලාපය, කැලණිය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැලණි වෙසක් කලාපය, ලසන්ත අලගියවන්න පදනම මගින් කඩවත නගරයේ පවත්වන වෙසක් කලාපයද මෙවරත් පැවැත්වේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුශාසනා පරිදි පිළියන්දල නගරයේ සංවිධානය කෙරෙන ශාක්‍ය ජනපදයද මෙවර දැකගත හැකිය.
කොළඹ නගරය හැඩ වැඩ කෙරෙන තොරණ් අතර ආසියාවේ ප්‍රථම ‍ලේසර් තොරණ කොළඹ ගාලු මුවදොර පිටියේ දැකගත හැකි අතර එම තොරණට සමගාමීව කොළොම් තොට වෙසක් කලාපයද ගාලු මුවදොර පිටිය අසල සිට කොළඹ වරාය පරිශ්‍රය දක්වාම පැවැත්වේ.
පිටකොටුව, දෙමටගොඩ, රාජගිරිය, බෞද්ධ මහා සම්මේලනය, කොස්ගස් හන්දිය, පෑලියගොඩ, බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය, අංගොඩ, පැපිලියාන යන ප්‍රදේශයන්හිද දර්ශනීය තොරණ් දැකගත හැකිය.
මීට අමතරව කිරිබත්ගොඩ, රාගම, කඩවත ඇතුළු කොළඹ නගරයට ආසන්න තදාසන්න නගර රැසකද මෙවර තොරණ ඉදිකර තිබිම විශේෂත්වයකි. වෙසක් සිරි නැරඹීමට කොළඹ නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විවිධ දන්සල් රැසක්ද මෙම දිනවලදී පැවැත්වේ.
 
පානුක රාජපක්ෂ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1948

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1053

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5008

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2880

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4961

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6180

Please publish modules in offcanvas position.